රාධ්‍යා ගැන ඇගේ පියා කී සංවේදී කතාව මෙන්න..

මරණය සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණවලට අනුව මෙම දැරිය සියදිවි නසාගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැතත්, තවමත් ඒ ගැන එක එක විදිහේ කතා අහන්න දකින්න ලැබෙනවා..

ඇය මෙහෙම ඇගේ ජීවිතයට අනතුරක් කරගන්ත්තේ ඇයි.. ඇය යම් මිත්‍යා විශ්වාසයකින් පසුවූ දැරියක්ද..? කොහොම වුණත් මේ අනතුර කරගන්න මොහොතකට පෙර ඇය ඇගේ පියා හමුවී තිබෙන බවට වාර්තා වෙනවා ඒ පාසල් ගේට්ටුව ළඟදී..

රධ්‍යා මෙත්මලී ගුණසේකර නම් දැරියගේ පියා වන මංගල ගුණසේකර මෙන්න මේ වගේ කතාවක් එදා දවසේ තම දියණිය අවසන් වරට හමුවීම ගැන කියා තිබුණේ ඇගේ හදිසි මරණ පරීක්ෂණය සිදුකරන අවස්ථාවේදීයි..

රාධ්‍යා කියන්නේ ඔහුගේ දෙවැනි දියණියයි.. ඇය මේ අවුරුද්දේ ලන්ඩන් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට සූදානම්ව සිටි දැරියක්.. රබර් නිෂ්පාදන හා සම්බන්ධ ව්‍යාපාරයක් කරන රාධ්‍යාගේ පියා සහ ඇගේ බිරිඳ නිතර නිතරම ඇය ගැන සොයා බලන්නට වුණා.. එදා අවසාන වරට ඔහු දියණිය ගැන තිබූ මතකය මෙන්න මේ විදිහට විස්තර කළා..

“දුව හිටපු ගමන් පාසල් යන්න බැහැ කියනවා. ගිය සතියෙත් දවස් දෙකක් පාසල් ගියේ නැහැ. සමහර වෙලාවට මහන්සියි කියලා පාසල් යන්නේ නැහැ. එදා උදේ 07.10 ට මම එයාව පාසල් ඇරලුවා. එදා අමතර පන්තියක් තියනවා කියලත් කීවා. මම එයාට හවස 05 ට දුරකතන ඇමතුමක් ගත්තත් ඒකට එයා කතා කළේ නැහැ…

අපි දුවට පෝන් එකක් දීලා තියෙනවා. එදා එයා මට මැසේජ් එකක් දැම්මා පාසල ඉවර වෙලා. ඒ අනුව මම දවල් 2 ට විතර පාසල ළඟට ගිහිං එයාට කෑම එකක් දුන්නා. කෑම එක ගන්න වෙලාවේ එයා ගේට්ටුව ළඟට ආවේ එයාගේ යාළුවෙක් එක්ක. ඉතිං මම දුවට කතා කරල කෑම එක දීලා ගෙදර ගියා…

හවස 04.55 ට මම ඉස්කෝලේ ළඟට ගිහිං දුවට කතා කරාම එයාගේ ෆෝන් එක ආන්ස්වර් කළේ පොලිිසියෙන්. පොලිසියේ මහත්තයා කීවා දුවට අනතුරක් වෙලා තියෙනවා වහාම නෙළුම් කුළුණට එන්න කියලා. ඊට පස්සෙ තමයි මම විස්තරේ දැනගත්තේ…”

කොහොම වුණත් ඇය තමන්ගේ හොඳම මිතුරන්ගේ හැරයාමෙන් පසු නැවතත් පන්තිය තුළ පවා හුදෙකලා වූ බවත්, ඇය දිවා ආහාරය පවා ප්‍රතික්ශේප කරන තරමේ මානසික ගැටලුවකින් සිටි බවයි ඇගේ පියා මෙහෙදී පවසා තිබුණේ..

Related Posts

විදුලි ගාස්තු සංශෝධනය ගැන තීරණය මෙන්න

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව අද (17)…

Read more

සුළි කුණාටුව තීව්‍ර වෙයි… වෙන්න යන්නේ මෙන්න මේකයි…

බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවැති ගැඹුරු පීඩන අවපාතය අද…

Read more

ආරුගම්බේ ආරක්ෂාව ගැන පොලිසියෙන් විශේෂ ප්‍රකාශයක්..

උදෑසනම අහන්න ලැබුණ උණුසුම් පුවතක් එක්ක සමාජයේ මේ…

Read more
Arugam Bay Attack

ආරුගම්බේට ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක්.. අමෙරිකානුවන්ට එහි නොයන්නැයි තානාපති කාර්යාලය ඉල්ලයි..

කියන්න යන්නේ තවත් විශේෂ කාරණයක් ගැන ඇසෙන කතාවක්…..

Read more

ඉහළ අහසේදී යකා නැටූ ශ්‍රී ලංකන් ගුවන් යානය තුළ ඇත්තටම සිදුවුණේ කුමක්ද..?

ශ්‍රී ලන්කන් ගුවන් සේවයත් දැන් පාරේ යන බස්…

Read more

පාසල් පැවැත්වීම ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ තීරණයක්..

කියන්න යන්නේ පවතින කාලගුණය හමුවේ ඇසෙන තවත් විශේෂ…

Read more

Leave a Reply

Your email address will not be published. Required fields are marked *