පියුමි හංසමාලිගේ කලින් සැමියා රට යන්න කලින් පුතාව බලන්න ගිහින්…
කාලෙන් කාලෙට විවිධ ආන්දෝලනාත්මක කතා මවන නිරූපිකාවක් වගේම ජනප්‍රිය රංගන ශිල්පිනියක් පියුමි හංසමාලි කියන්නේ. පසුගිය සතියේ ඇය ඇගේ නවතම වාහනය මිලදී ගැනීමත් එක්ක ඇය ගැන හැමෝම කතා කරන්න ගත්තා.
ඒ ඇය මිලදී ගත්තේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ භාවිතා කළ රේන්ජ් රෝවර් රථය බව ඇය ප්‍රකාශ කිරීමත් සමඟ.
පියුමි හංසමාලිගේ පුතා කාවිංගගේ පියා, එනම් පියුමිගේ කලින් සැමියා විදෙස් ගතව ඉන්නේ. ඔහු පසුගියදා ලංකාවට පැමිණියා. ඒ ඔහුගේ වර්තමාන බිරිඳත් සමඟ.
ඔහු කාවිංගව බලන්න ඔහුගේ වත්මන් බිරිඳත් එක්ක මීට පෙරත් පියුමිගේ නිවසටත් පැමිණියා. පියුමි ඔවුන්ගේ ඡායාරූප සමාජ මාධ්‍යවල පළ කරලා තිබුනා.
ඔහු නැවත විදෙස්ගත වෙන්න කලින් කාවිංගව බලන්න නැවත පියුමිගේ නිවසට ගිහින් තිබුණා.
එහි වීඩියෝපටයක් පියුමි ඇගේ සමාජ මාධ්‍යවල පළ කරන්න අමතක කළේ නැහැ.
පහත දැක්වෙන්නේ එයින් ගත් ඡායාරූප කීපයක්…