බෝම්බ දෙකක් හමුවෙයි…

යාපනය කන්කසන්තුරෙයි පොලිස් වසමේ ප්‍රදේශ දෙකකදී අධිබලැති පීඩන බෝම්බයක් සහ අත්බෝම්බයක් 12 දින සොයාගත් බවට පොලීසිය පවසයි.

කන්කසන්තුරෙයි වීමන්කාමම් ප්‍රදේශයේ සාමාන්‍ය වැසියෙකුට අයත් ඉඩමක වලදමා තිබූ අධිබලැති පීඩන බෝම්බයක් මතුවීමෙන් ගෙවතු හිමියා විසින් ඒ පිළිබඳව පොලීසියට දැනුම් දී ඇති අතර පසුව කන්කසන්තුරෙයි පොලීසිය අදාල ස්ථානයට පැමිණ බෝම්බය රැගෙන යාමට පියවර ගනු ලැබීය.

මේ අතර කන්කසන්තුරෙයි අන්රානිපුරම් මුහුදු වෙරල සීමාවේ මුහුදු වෙරලේ මුහුද යට වලදමා තිබියදී මුහුදු රලට පස් කාදනය වී මතුව තිබූ අත්බෝම්බයක් ප්‍රදේශවාසියෙකු විසින් දැක ඒ පිළිබඳව පොලීසියට දැනුම් දීමෙන් අනතුරුව පොලීසිය අදාල ස්ථානයට පැමිණ බෝම්බය රැගෙන යාමට පියවර ගනු ලැබීය.

අදාල බෝම්බ යුද සමයේදී කොටි ත්‍රස්ත සංවිධානය විසින් වලදමන්නට ඇතැයිද පොලීසිය සැක පල කරන අතර මෙම බෝම්බ පිළිබඳව මල්ලාකම් අධිකරණයට දැනුම් දී අධිකරණ නියෝගයකට අනුව පොලිස් විශේෂ කාර්ය බලකායෙ සහය ඇතිව නිශ්ක්‍රීය කිරීමට පියවර ගෙන ඇතැයිද කන්කසන්තුරෙයි පොලීසිය වැඩිදුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

6 + four =