මන්ත්‍රීවරුන්ට වාහන බලපත්, විශ‍්‍රාම වැටුප් වරප්‍රසාද සියල්ල අහෝසියි..

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වරප්‍රසාද රැසක් අහෝසි කිරීමේ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඔහුගේ පළමු කැබිනට් මණ්ඩල රැස්වීම ඊයේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති අවස්ථාවේ මෙම අනුමැතිය හිමි වී ඇත.

ඒ අනුව තීරු බදු රහිත වාහන බලපත්‍ර, මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප, කාර්යාලයක් සඳහා ගෙවන රුපියල් ලක්ෂයක දීමනාව, රුපියල් පනස්දහසක මාසික දුරකථන දීමනාව, තුන් ලක්ෂ පනස් දහසක් වන වාර්ෂින මුද්දර දීමනාව ඒ අනුව අහෝසි කිරීමට නිර්දේශ ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කිරීමටද තීරණය වී තිබේ.

පළමුව එම වරප්‍රසාද ලබාදෙමින් නිකුත් කර ඇති චක්‍රලේක අහෝසි කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.

කෙසේ වෙතත් හිටපු ජනාධිපතින් හා ඔවුන්ගේ භාර්යාවන් වෙනුවෙන් හිමිව ඇති වරප්‍රසාද අහෝසි කිරීමට නියමිතව ඇතත් ඇතැම් ඒවා අහෝසි කිරීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය අවශ්‍ය වී ඇත.

Related Posts

විදුලි ගාස්තු සංශෝධනය ගැන තීරණය මෙන්න

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව අද (17)…

Read more

සුළි කුණාටුව තීව්‍ර වෙයි… වෙන්න යන්නේ මෙන්න මේකයි…

බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවැති ගැඹුරු පීඩන අවපාතය අද…

Read more

ආරුගම්බේ ආරක්ෂාව ගැන පොලිසියෙන් විශේෂ ප්‍රකාශයක්..

උදෑසනම අහන්න ලැබුණ උණුසුම් පුවතක් එක්ක සමාජයේ මේ…

Read more
Arugam Bay Attack

ආරුගම්බේට ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක්.. අමෙරිකානුවන්ට එහි නොයන්නැයි තානාපති කාර්යාලය ඉල්ලයි..

කියන්න යන්නේ තවත් විශේෂ කාරණයක් ගැන ඇසෙන කතාවක්…..

Read more

ඉහළ අහසේදී යකා නැටූ ශ්‍රී ලංකන් ගුවන් යානය තුළ ඇත්තටම සිදුවුණේ කුමක්ද..?

ශ්‍රී ලන්කන් ගුවන් සේවයත් දැන් පාරේ යන බස්…

Read more

පාසල් පැවැත්වීම ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ තීරණයක්..

කියන්න යන්නේ පවතින කාලගුණය හමුවේ ඇසෙන තවත් විශේෂ…

Read more

Leave a Reply

Your email address will not be published. Required fields are marked *