විමල්ව අත්අඩංගුවට ගන්න නියෝග

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඇතුළු 07 දෙනෙකුට එරෙහිව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවට අදාළව අධිකරණයේ පෙනී නොසිටි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහිව වරෙන්තුවක් නිකුත් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා නියෝග කළේය.

විමල් වීරවංශ මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව කුරුඳුවත්ත පොලීසිය විසින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ගොනුකර තිබූ පැමිණිල්ලක් අද (13) දින කැඳවනු ලැබූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් ලෙස හිටපු අල් හූසේන් කුමරු ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන අතරතුර ඔවුන්ට එරෙහිව විරෝධතා පැවැත්වීම සම්බන්ධයෙන් මෙම නඩුව විභාගය වෙයි.

විමල් වීරවංශ, ජයන්ත සමරවීර, වීරකුමාර දිසානායක, රොජර් සෙනෙවිරත්න, මොහොමඩ් මුසම්මිල්, පියසිරි විජේනායක යන මහත්වරුන් ඇතුළු 7 දෙනෙකු සැකකරුවන් වශයෙන් නම්කොට ඇති අතර පා.ම විමල් වීරවංශ අධිකරණය හමුවේ පෙනී නොසිටිම සළකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා විසින් වරෙන්තු නිකුත් කළ අතර නඩුව ලබන ජූනි මස 19 දින යළි කැඳවීමට නියම කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

10 + 13 =