අපිට ළමයි නෑ… අපිට එයාව හදාගන්න දෙන්න…

මේ දිනවල සමාජ මාධ්‍යවල වගේම ප්‍රධාන මාධ්‍යවලත් කතාබහ කරන පුවත් අතර ප්‍රධාන තැනක් ගන්නේ මීනගයා දුම්රියේ වැසිකිලියක දමා ගිය බිළිදාගේ කතා පුවත.

මේ සමඟ සමාජ ජාලාවල බොහෝ පුවත් මැවෙන්න ගත්තා. මේ අතර වාරයේ ජනප්‍රිය ගායන ශිල්පී රුවන් හෙට්ටිආරච්චි සහ ජනප්‍රිය රංගන ශිල්පිනී ෂෙරිල් ඩෙකර් ඔවුන්ට දරුවන් නොමැති නිසා මේ බිළිඳාව ඔවුන්ට දරුකමට හදාගන්න ඉල්ලා සිටින බවට පුවතක් සමාජ මාධ්‍යවල සැරිසරනවා.

මේ පුවත ගැන හිරු ගොසිප් අපි රුවන් හෙට්ටිආරච්චිගෙන් විමසීමක් කළා.

පහත දැක්වෙන්නේ ඔහු අපට එම පුවත ගැන පැවසූ දේයි.

“ඒ කතාව බොරුවක්. අපි දෙන්නාගෙන් එක්කෙනෙක්වත් කොහෙදිවත් එහෙම දෙයක් කියලා නැහැ. දරුවෙක්ව එහෙම අපි හදාගන්න ගන්න බලාපොරොත්තුවක් නැහැ. මේ වැරදි පුවත පතුරුවන අයට විරුද්ධව මම ක්‍රියාමාර්ග ගන්න බලාපොරොත්තු වෙනවා…”

පහත දැක්වෙන්නේ සමාජ ජාලාවල සංසරණය වුණු ඒ සටහනයි…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ten − 3 =