ජනාධිපතිගේ නියෝග දෙකක් මැතිවරණ කොමිසම අත්හිටුවයි..

ජනාධිපති අනුර දිසානායක මහතා විසින් ගොවීන් සහ ධීවරයන් සඳහා ලබා දීමට උපදෙස් දුන් පොහොර හා ඉන්ධන සහනාධාරය මැතිවරණ කොමිසම විසින් අත්හිටුවන අත්හිටුවා තිබේ.

ගොවීන් සඳහා රුපියල් 25000ක පොහොර සහනාධාරයක් හා ධීවර ප්‍රජාවට ඉන්ධන සහනාධාරයක් ලබා දීමට ජනාධිපතිවරයා උපදෙස් දී තිබින.

මැතිවරණයක් ප්‍රකාශයට පත් කර ඇති අවස්ථාවක මෙවන් සහනාධාර ලබා දීමට දීමේදී අපේක්ෂකයන් අගතියට පත්වීම සැලකිල්ලට ගෙන මෙම තීන්දුව ගත් බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.

ඒ අනුව අදාළ ප්‍රතිපත්තිමය තීන්දු මැතිවරණයෙන් පසුව ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිවරයාට දැනුම් දීමටද මැතිවරණ කොමිසම තීරණය කර ඇත.

මෙම සහනාධාර ලබා දීම හෙට දිනයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබිණි.

මෙම යෝජනාවන් දෙකම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණය අතරතුර පෙරාතුවට ක්‍රියාත්මක කිරීමට උපදෙස් දී තිබූ නමුත් එවරද මැතිවරණ කොමිසම විසින් එය අත්හිටුවිය.

Related Posts

ashen senarathne

“අපිට ඉල්ලන්න බෑ ලූ..” අශේන්ගේ දියවන්නා සිහිනය බොඳවෙයි…

සමාජ මාධ්‍ය ඇතුලේ බොහෝ දෙනාගේ කතාබහට ලක්වුණ චරිතයක්…..

Read more

මාලිමා ජාතික ලයිස්තුවෙන් වාර්තාවක්.. ආබාධිත පුද්ගලයෙකු ලයිස්තුවට..

මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ජාතික ජන බලවේගය විසින්…

Read more
damitha abeyarathne

රංගන ශිල්පිනී දමිතාට ඇබැද්දියක්..

පසුගිය දිනවල විවිධ මාතෘකා නිසා ගොඩක් කතාබහ වුණා…..

Read more

හෙට ක්‍රියාත්මකවීමට නියමිත විශේෂ රථවාහන සැලැස්ම ගැන ඔබ දැනුවත්ද..?

කියන්න යන්නේ හෙට ක්‍රියාත්මක වෙන විශේෂ රථවාහන සැලැස්ම…

Read more

වාහන ආනයනය ගැන විශේෂ ආරංචියක්…

වාහන ආනයන ගැන විවිධ අවස්ථාවලදී විවිධ කතා අහන්න…

Read more

සිනමාවට වැසුණු ඇල්ලේ රේල් පාරට වෙනුවෙන් ගෙවූ මුදල මෙන්න…

ඒකාබද්ධ සිනමා ව්‍යාපෘතියක් හේතුවෙන් අද සිට ලබන 15…

Read more

Leave a Reply

Your email address will not be published. Required fields are marked *