ධීවරයන් සදහා ඉන්ධන සහනාධාරයක් ලබා දීමට ජනාධිපති අනුර දිසානායක මහතා උපදෙස් දී ඇත.
එළඹෙන ඔක්තොම්බර් 01 වැනිදා සිට ක්රියාත්මක වන පරිදි මෙම ඉන්ධන සහනාධාරය ලබා දීමට භාණ්ඩාගාරය දැනුම් දී තිබේ.
ධීවරයන්ගේ බැංකු ගිණුම් වෙත මෙම සහනාධාරය සෘජුවම යොමු කරනු ඇති අතර අඩාල වී ඇති ධීවර කර්මාන්තය නඟා සිටුවා නිෂ්පාදන පිරිවැය අඩු කිරීම මෙමගින් අපේක්ෂා කරයි.