සුසන්තා චන්ද්‍රමාලිට පිහිට වෙන්න පියුමි හංසමාලි ඉදිරිපත් වෙයි…

ප්‍රවීන රංගන ශිල්පිනී සුසන්තා චන්ද්‍රමාලි මීට කලකට පෙර පිළිකා රෝගයට ගොදුරුව එයින් සුවය ලබා සිට හැවතත් මේ වසරේ වෛද්‍ය පරීක්ෂණවලින් ඇය නැවතත් එම රෝගයට ගොදුරුව සිටින බව ඇගේ සමාජ මාධ්‍ය ගිණුම්වල පළ කරල තිබුණු බව අප ඔබට මීට පෙර පැවසුවා.

ඇගේ ඖෂධ මිල අධික බවත් එම නිසා ඇයට ඖෂධ මිලදී ගැනීමට උපකාර කරන ලෙසත් ඇය සටහන් කර තිබුනා.

මේ අතරවාරයේ රංගන ශිල්පිනියක් සහ නිරූපිකාවක් වන පියුමි හංසමාලි සුසන්තා චන්ද්‍රමාලිගේ මේ සටහන ඇගේ සමාජ මාධ්‍යවල පළ කරමින් මෙසේ සඳහන් කරලා තිබුණා.

“අපි හැමොම එකතු වෙලා උදව් කරමු. මෙ අපෙ කාලා තරැවක් අනෙ පිං සිද්ද වෙයි පුලුවුන අය පිහිට වෙන්න මදි සියලුම සල්ලි මම ඇයට දෙන්නම්.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three × 3 =