රාගම සිසුවියකට අමානුෂික වූ කුඩම්මා පොලිසියේ දී කියපු වෙනස් ම කතාව මෙන්න – Video

රාගම – කුරුකුලාව ප්‍රදේශයේ 17 හැවිරිදි දැරියකට සිය කුඩම්මා විසින් අමානුෂික ලෙස පහරදෙන ආකාරය දැක්වෙන සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝවට අදාළව රාගම පොලිසිය මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පහරකෑමට ලක්වූ දැරිය පොලිස් නිලධාරිනියකගේ අධීක්ෂණය යටතේ රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබනවා.

මෙම දැරියගේ පියා විදේශගතව සිටින අතර, ඇය ජීවත්වන්නේ සිය කුඩම්මා සමඟ බවට අනාවරණ වී තිබෙනවා.

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වූ මෙම වීඩියෝවෙන් පසුව දැරියට පහරදෙන කාන්තාව පොලිසියට කැඳවා ප්‍රකාශයක් සටහන් කරගැනීමෙන් අනතුරුව මුදාහැර ඇති බවයි වාර්තාවන්නේ.

මෙම දැරිය ශාරීරික හෝ මානසික පීඩාවකට ලක්ව ඇත්ද යන්න සම්බන්ධයෙන් වාර්තාවක් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

1 × 4 =