අත්‍යවශ්‍ය භාණ්ඩ 7ක මිල අඩු කෙරේ

ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 7ක මිල අඩු කිරීමට පියවර ගෙන තිබේ.

අඩු කළ මිලට එම භාණ්ඩ අද (09) සිට ලංකා සතොස අළෙවිසැල්වලින් මිලදී ගත හැකි බව සතොස පවසයි.

ඒ අනුව අඩු කළ භාණ්ඩවල නව මිල ගණන් මෙසේය.

01) වියළි මිරිස් 1kg රු.1500.00

02) පාන් පිටි 1kg රු 230.00

03) පරිප්පු 1kg රු 339.00

04) සුදු සීනී 1kg රු 218.00

05) රතු කැකුලු (දේශීය)1kg රු 155.00

06)සුදු නාඩු (දේශීය)1kg රු188.00

07) ලොකු ලූණූ 1kg රු129.00

ඒ අනුව වියළි මිරිස් කිලෝවක් රු. 75කින් ද, පාන් පිටි කිලෝවක් රු 15කින් ද, පරිප්පු කිලෝවක් රු 19කින් ද, සුදු සීනී කිලෝවක් රු 11කින් ද, රතු කැකුලු (දේශීය)කිලෝවක් රු. 9කින් ද, සුදු නාඩු (දේශීය)කිලෝවක් රු.7කින් ද, ලොකු ලූණූ කිලෝවක් රු 06කින් ද, අඩු කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

sixteen − fourteen =