නව කැබිනට් මණ්ඩලයක් අද දිවුරුම් දෙන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී විජිත හේරත් මහතා පවසයි.
එම කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමෙන් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා විසින් සාකච්ඡාවක් කැඳවා ඇති බවත් හෙතෙම පැවසීය.
අද පත් කරන තාවකාලික කැබිනට් මණ්ඩලය ඊළග මහ මැතිවරණයෙන් නව රජයක් තේරී පත් වන තෙක් ක්රියාත්මක වෙයි.