ජනප‍්‍රිය නිලියක් CID කැදවයි…

රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනියම් බිරිඳක් යැයි කියන ජනප්‍රිය රංගන ශිල්පිනියක් රහස් පොලිසියට කැඳවා තිබේ.

මෙසේ කැඳවා ඇත්තේ හයිබ්‍රිඩ් සුද්දා නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සම්බන්ධව සිදුකරන පරීක්ෂණවලට අදාලවයි.

මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරු එම ජාවාරමෙන් උපයා ගත් මුදලින් මෙම රංගන ශිල්පිනියට නිවසක් මිලට ගෙන දී ඇති බව ද විමර්ශන කණ්ඩායම් හෙළි කරගෙන තිබේ.

පසුගිය සතියේ රහස් පොලිසිය කල කැඳවීමට ඇය නොපැමිණීම නිසා නැවතත් මෙම සතියේ පැමිණෙන ලෙස දැනුම්දී තිබේ.

මෙම රංගන ශිල්පිනියට දකුණු පලාතේ හා පිලියන්දල නිවෙස් දෙකක් ඇති බවත් සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ මෙම රංගන ශිල්පිනිය සමග දකුණු පළාතේ නිවසේ සැඟවී සිටි අවස්ථාවකදී බවත් වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 × three =