අගාධයෙන් ලංකාව ටික ටික උඩට… රුපියල ශක්තිමත් වන හේතු මෙන්න..
රුපියල ශක්තිමත් වෙමින් ඇත්තේ රජය විසින් ගනු ලැබූ යහපත් ආර්ථික තීන්දු තීරණ හේතුවෙන් යයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
රට තුළ ඇති දේශපාලන ස්ථාවරත්වය සහ සාමකාමී වතාවරණයද ඊට බලපා ඇති බවත් ඒ මහතා කියයි.
2022 වසරේ සැප්තැම්බර් මාසයේ දී ඩොලර් බිලියන 1.7ක් වූ විදේශ සංචිත ප්‍රමාණය 2023 පෙබරවාරි මාසයේ මුල් සතිය වන විට 23.5%ක වර්ධනයක් අත් කර ගනිමින් බිලියන 2.1ක් දක්වා ඉහළ ගොස් ඇතැයිද හෙතෙ පෙන්වා දෙයි.
2022 වසරේ සැප්තැම්බර් 29,802ක් ලෙස පැවැති සංචාරක පැමිණීම 261%ක වර්ධනයක් පෙන්වමින් 2023 පෙබරවාරි වන වට 107,639ක් ලෙස සටහන්ව තිබේ.
ගැඹුරු අගාධයක පැවැති මෙරට ආර්ථිකය සුබවාදී අනාගතයක් කරා ගමන් කරමින් ඇති බව මෙම සංඛ්‍යා ලේඛන මගින් තහවුරු බවද අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.