දකුණු කොරියාවේ රැකියා හිමිවූ ශ්රී ලාංකිකයින් 100 දෙනෙකු ඊයේ (06) දකුණු කොරියාව බලා පිටත්ව ගියා.
මේ වර්ෂයේ අගෝස්තු මස වන විට ශ්රී ලංකිකයන් 3694 දෙනෙකු දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන්කර සිටින්නේ.
මෙම පිරිස අතරට තරුණියන් 08 දෙනෙකුද ඇතුළත් බවයි වාර්තා වෙන්නේ.
දකුණු කොරියාවේ රැකියා සඳහා ගිවිසුම් ලැබෙමින් පවතින අතර ඉදිරියේදි තවත් ශ්රමිකයන් රැසක් රැකියා සඳහා පිටත්විමට නියමිතව බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් සඳහන්කර සිටින්නේ.