ඉන්ධන QR අවසන් වන දිනය මෙන්න…

දැනට ඉන්ධන ලබා දීමේදී අනුගමනය කරන QR ක්‍රමවේදය අප්‍රේල් මස 10 වැනිදා වන විට ඉවත් කිරීමට රජය සැලසුම් කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත අලුත් අවුරුද්ද වෙනුවෙන් එම පියවර ගන්නා බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි.

මේ වන විට සපුගස්කන්ද පිරිපහදුව අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම මත ඉන්ධන සැපයීම අඛණ්ඩව සිදු කිරීමට හැකියාව පවතින බවද සංස්ථාව කියා සිටියි.

කෙසේ වෙතත් මේ ගැන ගැහැදිලි කිරීමක් සිදු කරන විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසන්නේ QR ක්‍රමය අප්‍රේල් 10 වැනිදා සිට අත්හිටුවීමට තීරණයක් ගෙන නොමැති බවයි.

නමුත් ඉන්ධන කෝටාවන් ක්‍රමයෙන් වැඩි කිරීමට එහි දත්ත විශ්ලේෂණය කරනු ඇති බවත් හෙතෙම සදහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ten − 1 =