වාර්ෂිකව මෙරට සිදුකෙරෙන වාහන දුම් පරීක්ෂණ අතරින් වාහන සියයට 20ක් අසමත් වන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසනවා.
ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න සදහන් කළේ, බොහෝ වාහන නියමිත ප්‍රමිතියට අනුකූල නොවන බවයි.
වාහන දුම් පරීක්ෂා සහතිකය ලබා ගැනීමත් සමගම වාහන බලපත්‍රයත්, රක්ෂණාවරණයත් එකම ස්ථානයකින් ලබාගැනීමට අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා