කියන්න යන්නේ ලංකාවම දන්නා ගෞරවනීය හිමි නමක් ගැන ඇසෙන ශෝකී පුවතක් ගැන.
හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිපති හිමි ගලබොඩ ඤාණිස්සර හිමි (පොඩි හාමුදුරුවෝ) 81 වැනි වියේදී මීට සුළු මොහොතකට පෙර අපවත් වී තිබෙනවා.
ගංගාරාම විහාරස්ථානයේ පොඩි හාමුදුරුවන් ලෙස ජනප්‍රියත්වයට පත්වූ උන් වහන්සේ මෙරට බුදු සසුන මෙන්ම සමාජ, සංස්කෘතික දියුණුව වෙනුවෙන් සේවාවන් රැසක් සිදු කර තිබෙන සංඝරුවනක්.
1943 වසරේ දෙසැම්බර් මස 14 වැනිදා මාතර, ගලබොඩ ප්‍රදේශයේ උපත ලබා තිබෙන ඤාණිස්සර හිමියෝ 1959 වසරේදී දෙවුන්දර රත්නජෝති නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් පැවිදි දිවියට ඇතුළත් වූ උන්වහන්සේ පසුගිය 2003 වසරේදී මල්වතු මහනායක හිමියන් විසින් බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක පදවියට පත්කරන ලද අතර ගලබොඩ ඤාණිස්සර හිමියෝ ඊට අමතරව පැවිදි දිවිය තුළ විවිධ තනතුරු හොබවා ඇත.