මහින්ද අගමැති කරන මෙහෙයුම වේගවත් කරයි.. විපක්‍ෂයෙන් සහාය ඉල්ලයි…
දිනේෂ් ගුණවර්ධන මහතා අගමැති ධුරයෙන් ඉවත් කර මහින්ද රාජපක්ෂ මහතා නැවතත් එම ධුරයට පත් කිරීමේ සැලසුමක් ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කරයි.
ඒ සඳහා ආණ්ඩු පක්ෂයේ සිටින ඇතැම් පිරිස් තම පාර්ශ්වයන්ට ද යෝජනාව ගෙන ආ බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.
නමුත් මේ මොහොතේ අග්‍රාමාත්‍ය ධුරය වෙනස් කර රටේ ප්‍රශ්න වලට උත්තර සොයා ගත නොහැකි බවත් ආණ්ඩුව ගෙදර යාම කළ යුතු දෙය බවත් හෙතෙම පැවසීය.
මෙම උත්සාහයට තම සහය නොලැබෙන බවත් මහින්ද රාජපක්ෂ මහතා දැන් දේශපාලනයෙන් විශ‍්‍රාම ගොස් විවේකයෙන් නිවසේ සිටින යුතු තත්වයක සිටින්නෙක් බවත් පැවසූ මන්ත්‍රීවරයා එය ඔහුගේ යම් හෝ කීර්තිනාමයක් ආරක්ෂා වීමටද හේතුවක් වනු ඇතැයි කියා සිටියේය.
මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.