හොරණ මාරක අන‍තුරක් ගැන ඇසෙන අනුවේදනීය කතාව මෙන්න…

කියන්න යන්නේ ඊයේ දහ­වල් අහන්න ලැබුණ කතාවක්..

ඔවුන් මෙම ගමන ගියේ හීන ගොඩක් හිතේ තියාගෙන අලුත් ව්‍යාපාරයක් කියන්නේ ඔවුන් දෙදෙනාගේ එක හීනයක්..

ඒත් අද ඒ හීනය බොඳ වෙලා ගිහින්.. හොරණ පෝරු­ව­දණ්ඩ බොර­ලු­ගොඩ ප්‍රදේ­ශයේ ඊයේ දහ­වල් මාර්ගය අයිනේ කතා­බස් කර­මින් සිටි දෙදෙ­නෙක් වෙතට සුඛෝ­භෝගී මෝටර් රථ­යක් කඩා වැදී තිබෙනවා.. මෙම එක් අයකු මිය­ගොස් තවත් අයෙක් බර­ප­තළ තුවාල ලැබූ බව හොරණ මූල­ස්ථාන පොලි­සිය පවසනවා..

අන­තු­රින් මිය­ගොස් ඇත්තේ බුල­ත්සිං­හල හල්වතුර ප්‍රදේ­ශයේ පදිං­චිව සිටි වසන්ත ලක්මාල් නමැති 29 හැවි­රිදි අවි­වා­හක පුද්ග­ල­යෙකි… අන­තු­රින් බර­ප­තළ තුවාල ලබා ඇත්තේ පෝරු­ව­දණ්ඩ අරු­ණ­ගම ප්‍රදේ­ශයේ පදිංචි 61 හැවි­රිදි පුද්ග­ල­යෙක්..

මිය­ගිය පුද්ග­ලයා එම ප්‍රදේ­ශයේ එළ­වළු වෙළෙ­ඳ­සැ­ලක් ආරම්භ කිරීමේ කට­යු­තු­වල නියැ­ළෙ­මින් සිට ඇති අතර ඔහුට දහ­වල් ආහාර පාර්ස­ල­යක් රැගෙන ඔහුගේ පෙම්ව­තිය ඇයගේ පියා සමඟ ත්‍රිරෝද රථ­ය­කින් පැමිණ ඇතැයි පොලි­සිය පවසනවා..

දිය­ණිය ත්‍රිරෝද රථයේ පිටු­පස අසු­න්ගෙන සිටි­යදී පියා ත්‍රිරෝද රථ­යෙන් බිමට බැස දිය­ණි­යගේ පෙම්වතා සමඟ ත්‍රිරෝද රථයේ පිටු­ප­සට වී කතා කර­මින් සිටි­යදී හොරණ දෙස සිට ඉංගි­රිය දෙසට ධාව­නය වීමෙන් තිබූ සුඛෝ­භෝගී මෝටර් රථ­යක් වම් අත දිසාවේ පිහිටා තිබෙන අංක 28 බෝක්කුවේ ගැටී රිය­දු­රට පාල­නය කර­ගත නොහැ­කිව මාර්ගයේ ප්‍රති­වි­රුද්ධ දිසාව දකුණු දිශා­වට ගොස් බොර­ළු­ගොඩ සංග­මිත්තා මාව­තට හැරෙන මාර්ගය අසල කතා කර­මින් සිටි පුද්ග­ල­යන් දෙදෙනා වෙතට කඩා­වැදී නතර වී ඇතැයි පොලි­සිය පවසනවා…

එම අන­තු­රින් බර­ප­තළ තුවාල ලැබූ පුද්ග­ල­යන් දෙදෙනා හොරණ මූලික රෝහල වෙත ඇතු­ළත් කිරී­මෙන් අන­තු­රුව එක් අයකු මිය­ගිය බව රෝහල් ප්‍රකා­ශ­ක­යකු පැව­සුවා..

අනෙක් පුද්ග­ලයා බර­ප­තළ තත්ත්වයේ පසුවූ බැවින් කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යැවූ බවත් රෝහල් ප්‍රකා­ශ­කයා වැඩි­දු­ර­ටත් පවසා තිබුණා..

Related Posts

විදුලි ගාස්තු සංශෝධනය ගැන තීරණය මෙන්න

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව අද (17)…

Read more

සුළි කුණාටුව තීව්‍ර වෙයි… වෙන්න යන්නේ මෙන්න මේකයි…

බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවැති ගැඹුරු පීඩන අවපාතය අද…

Read more

ආරුගම්බේ ආරක්ෂාව ගැන පොලිසියෙන් විශේෂ ප්‍රකාශයක්..

උදෑසනම අහන්න ලැබුණ උණුසුම් පුවතක් එක්ක සමාජයේ මේ…

Read more
Arugam Bay Attack

ආරුගම්බේට ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක්.. අමෙරිකානුවන්ට එහි නොයන්නැයි තානාපති කාර්යාලය ඉල්ලයි..

කියන්න යන්නේ තවත් විශේෂ කාරණයක් ගැන ඇසෙන කතාවක්…..

Read more

ඉහළ අහසේදී යකා නැටූ ශ්‍රී ලංකන් ගුවන් යානය තුළ ඇත්තටම සිදුවුණේ කුමක්ද..?

ශ්‍රී ලන්කන් ගුවන් සේවයත් දැන් පාරේ යන බස්…

Read more

පාසල් පැවැත්වීම ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ තීරණයක්..

කියන්න යන්නේ පවතින කාලගුණය හමුවේ ඇසෙන තවත් විශේෂ…

Read more

Leave a Reply

Your email address will not be published. Required fields are marked *