මාධවී ඇන්තනීගේ අලුත්ම පෙම්වතා
රවීන රංගධර ජැක්සන් ඇන්තනීගේ වැඩිමහල් දියණිය මාධවී ඇන්තනී ගැන මේ දිනවල ආන්දෝලනාත්මක කතාබහක් සමාජ මාධ්‍යවල පැතිර යනවා. ඒ ඇගේ අලුත්ම පෙම්වතා ගැන.
තරුණ නිර්මාණ අධ්‍යක්ෂවරයෙක් වන කසුන් මහේන්ද්‍ර හීනටිගල සමඟයි ඇය පෙමින් වෙලී සිටින්නේ. මාධවී සහ කසුන් ඔවුන්ගේ සමාජ මාධ්‍යවල පළ කළ ඡායාරූප සහ විවිධ සටහන් වලින් ඔවුන් දෙදෙනා ආදරය කරන බව ප්‍රේක්ෂකයන් දැන් දන්නවා.
කසුන් මහේන්ද්‍ර හීනටිගල යනු මෙරට ප්‍රවීණ පසුතල නිර්මාණ ශිල්පියෙකු වන හීනටිගල ප්‍රේමදාසගේ ඥාති පුතෙක් බව ආරංචි වුණා. හීනටිගල ප්‍රේමදාසගේ දියණිය විවාහ වී සිටින්නේ ජනප්‍රිය වගේම දක්ෂ සම්මානනීය රංගන ශිල්පියෙක් වෙන කළණ ගුනසේකර සමඟ. ඒ අනුව කසුන් මහේන්ද්‍ර හීනටිගල සහ කළන ගුණසේකර ඥාතීන් වෙනවා.
ඒ අනුව මාධවී ඇන්තනීගේ පෙම්වතා කසුන් ද කලාවට සම්බන්ධ කලා පවුලකින් එන කෙනෙක්.