14 වැනිදා සංචරණ සීමා ඉවත් කිරීමට හැකියාවක් රට තුළ නැහැ




සංචරණ සීමා නීතියට අනුව ජනතාවගේ සංචරණ සීමා කටයුතු නිසි ලෙස සිදුනොවීම නිසා මෙම මස 14 වැනි දිනදසංචරණ සීමා ඉවත් කිරීමට හැකි තත්ත්වයක් රට තුළ නැතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

සංචරණ සීමා පැවැතියද විවිධ කටයුතු සඳහා විශාල පිරිසක් දෛනිකව නිවසින් බැහැරව යන බවත්, මේ නිසා අත්‍යවශ්‍යම කටයුතු පමණක් සිදු කරන ආකාරයට සති දෙකක් සංචරණ සීමා පැනවිය යුතු බවත් එම සංගමයේ සභාපති මහජන සෞඛ්‍ය පරික්ෂක උපුල් රෝහණ මහතා සඳහන් කළේය.

වෙළෙඳ භාණ්ඩ අලෙවි කිරිම සඳහා බලපත්‍ර ලබාගෙන විශාල පිරිසක් දෙනිකව සංචරණ කටයුතු කරන බවත්, කෝවිඩ්-19 තත්වය පාලනය කිරීම සඳහා මෙම කටයුතු පාලනය කළ යුතු බවත්වී මහතා පවසා සිටියේය.

මීට අමතරව දැනට පවතින ක්‍රමවේදයට අනුව කෝවිඩ්19 රෝගියෙකු හමුවූ පසු ඔහුගේ පළමු පෙළ ආශ්‍රිතයන් නිරෝධායනයට ලක් කරන බවත්, මෙම පිරිස පී.සී.ආර්. පක්ෂණවලට ලක් කිරීමෙන් පසු රෝගී වුවහොත් ඔවුන්ගේ ආශ්‍රිතයන්ද නිරෝධායනයට ලක් කරන බව හෙතෙම සඳහන් කළේය. මේ නිසා නිරෝධායනයට ලක් කරන පිරිස්වල පළමු පෙළ ආශ්‍රිතයද සංචරණ සීමාවලට යටත්ව නිවෙස්වල රඳවා තබන වැඩපිළිවෙළක් අවශ්‍යබවද උපුල් රෝහණ මහතා පවසා සිටියේය. දැනට සංචරණ සීමා පනවා තිබියදීත් දෙනිකව රෝගීන් විශාල පිරිසක් හමුවන බවත්, මේ නිසා එළඹෙන 14 වැනිදා ද සංචරණ සීමා ඉවත් කළ හැකි තත්වයක රට නොමැති බවත් ඒ මහතා සඳහන් කළේය.

ඉන්දික හේවාවිතාරණ


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
0
Wow
Sad Sad
0
Sad
Angry Angry
0
Angry

Comments