ඔත්තේ ඉරත්තේ ක්‍රමය යලි එයි – පලාත් අතර ගමන් තහනම්




දැනට පවතින සංචරණ සීමා එළඹෙන 14වෙනි සඳුදා දිනෙන් පසුව ඉවත් කරන බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

නමුත් එම සීමා ඉවත් කලද පෙර පැවති පරිදි පළාත් අතර සංචරණ සීමා තව දුරටත් ක්‍රියාත්මක බව ද ඔහු පැවසීය.

එමෙන්ම නිවසෙන් බැහැර වීමට හැකියාව ඇත්තේ ජාතික හැඳුනුම්පතේ අවසාන අංක ක්‍රමයට ඔත්තේ ඉරත්තේ සංඛ්‍යා අනුව බවද ඔහු සදහන් කරයි.

මේ පිළිබඳව වන නිර්ණායක ඉතා ඉක්මනින් ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කරන බවද ඔහු කියා සිටී.

පවතින වසංගත ව්‍යාප්තිය පිළිබඳව විශේෂඥ වෛද්‍යවරුන් සමග සාකච්ඡා කිරීමෙන් පසුව අවසන් තීරණයට එළඹෙන බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
3
Lol
Wow Wow
1
Wow
Sad Sad
0
Sad
Angry Angry
0
Angry

Comments