සංචරණ සීමා ඉවත් කිරීම ගැන යුදහමුදාපතිවරයා කියන අලුත්ම කතාව මෙන්න




ලබන සඳුදා අලුයම හතරෙන් පසු දැනට පවතින සංචරණ සීමා ඉවත් කළද එය සිදුවන්නේ සීමාවන්ට යටත්ව බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු අනුගමනය කළ යුතු ඉදිරි වැඩපිළිවෙළ අද හෝ හෙට ප්‍රකාශයට පත් කරන බවයි.

දැනට ක්‍රියාත්මක සංචරණ සීමා දීර්ඝ කරන බවට පැතිර යන ප්‍රචාර අසත්‍ය බවයි යුද හමුදාපතිවරයා ඊයේ පෙන්වා දුන්නේ.

සංචරණ සීමා ඉවත් කළ පසුව ද ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු කළ යුතු වනවා.

ඒ අනුවයි ඊට අදාළ ඉදිරි වැඩපිළිවෙළ මෙලෙස අද හෝ හෙට ප්‍රකාශයට පත්කිරිමට නියමිතව ඇත්තේ.

මේ අතර ඊයේ දිනයේ නිරෝධායන නීති සහ සංචරණ සීමා උල්ලංඝණයට කළ 1038 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා.


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
1
Love
Lol Lol
6
Lol
Wow Wow
0
Wow
Sad Sad
0
Sad
Angry Angry
2
Angry

Comments