ෆේස්බුක් කළඹමින් පැතිරගිය වීඩියෝවේ සුලමුල හෙළි වෙයි


1 share


කුඩා දරුවෙකුට බීර කෑනයක් පානය කිරීමට ලබා දෙන වීඩියෝවක් පසුගිය දිනවල සමාජ ජාල පුරා මහත් ආන්දෝලනයක් ඇති කරමින් සංසරණය වුණා.

එහි දී බීර පානය කරන දරුවා සිය වයසට නොගැලපෙන විවිධ දෑ ප්‍රකාශ කරන අයුරුද දක්නට හැකියි.

මේවන විට එහි සුලමුල අනාවරණය කරගැනීමට පොලීසිය සමත්ව තිබෙනවා.

අදාළ වීඩියෝව සමාජ ජාල පුරා පැතිරයාමත් සමග ඒ ඔස්සේ පරීක්ෂණ පැවැත්වීමට පොලීසිය කටයුතු කර ඇති බව සඳහන්.

ඒ අනුව අනාවරණය වී ඇත්තේ මෙම සිදුවීම පෑලියගොඩ, නුගේ පාර ප්‍රදේශයේ දී සිදුව ඇති බවට යි.

අදාළ දරුවාගේ වයස අවුරුදු 4ක් බව පැවසෙනවා.

සිද්ධියට සම්බන්ධ වැඩිහිටි පුද්ගලයා ද අත්අඩංගුවට ගැනීමට පෑලියගොඩ මූලස්ථාන පොලීසිය සමත්ව තිබෙනවා.

එම තැනැත්තාගේ වයස අවුරුදු 25ක්.

ඔහු ද නුගේ පාර ප්‍රදේශයේ ම පදිංචිකරුවෙක්.

අදාළ පුද්ගලයා අද (11) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව වාර්තා වෙනවා.


Like it? Share with your friends!

1 share

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
0
Wow
Sad Sad
1
Sad
Angry Angry
0
Angry

Comments