සමාජ මාධ්‍ය කැලඹු සෙරෙප්පුවා මාට්ටු

සංචාරක විදේශීය කාන්තාවකට සෙරෙප්පුවකින් පහරදුන් පුද්ගලයාව පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බණ්ඩාරවෙල සිට ඇල්ල දක්වා දුම්රියක ගමන් කරමින් සිටියදී  විදේශීය කාන්තාව මෙම සිදුවීමට මුහුණ දුන් අතර එම අවස්ථාව
පුද්ගලයෙකුගේ ජංගම දුරකතනයේ පටිගත වූ වීඩියෝවක්  ඊයේ (22) සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුනා.

එම සිද්ධියට සම්බන්ධ බවට සැලකෙන වැලිමඩ ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි පුද්ගලයෙකු අද පෙරවරුවේ බණ්ඩාරවෙල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

six + 17 =