මෙරට ලාබාලතම කොවිඩ් මරණය වාර්තා වෙයි




මෙරට ලාබාලතම කොවිඩ් මරණය වාර්තා වී තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ දින 08ක් වයසැති බිළිඳෙක්.

බිළිඳා මිය ගොස් ඇත්තේ කොවිඩ් නිව්මෝනියාව හේතුවෙන්.

ගම්පොල මූලික රෝහලේ දීයි මෙම බිළිඳා මියගොස් ඇත්තේ.

මෙතෙක් මෙරටින් වාර්තා වූ ලාබාලතම කොවිඩ් මරණය ලෙස සැළකුණේ පසුගිය වසරේ දී රිඡ්වේ ආර්යා ළමා රෝහලේ දී මියගිය දින 20ක බිළිඳෙක්.

 

මේ අතර මේවන විට මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2000ට ලඟා වෙමින් පවතිනවා.

එම සංඛ්‍යාව මේවන විට සටහන් වන්නේ 1910ක් ලෙසයි.

එමෙන්ම දිනක් තුළ තහවුරු වූ වැඩිම මරණ ගණන ඊයේ වාර්තා වූවා.

එම ගනන 67ක්.


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
0
Wow
Sad Sad
3
Sad
Angry Angry
1
Angry

Comments