නාමල්ගෙන් දරුවන්ට ඩේටා කැපෙන්නේ නැති අලුත් ඇප් එකක්!




පාසල් දරුවන්ට නිවසේ සිට ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ අධ්‍යාපන කටයුතු සිදුකිරීම සදහා නොමිලේ භාවිත කළ හැකි මෘදුකාංගයක් ඉදිරි සති කිහිපය තුල හදුන්වාදෙන බව ඩිජිටල් තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

මෙම නව මෘදුකාංගය සුප්‍රකට Zoom මෘදුකාංගයට සමාන එකක් වන අතර ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සමග එක්ව එය හදුන්වාදෙන බවයි නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේ.

දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී ශානක්කියන් රාසමානික්කම් මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී ඇසූ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් නාමල් රාජපක්ෂ මහතා මේ බව සදහන් කළේය.


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
8
Love
Lol Lol
2
Lol
Wow Wow
16
Wow
Sad Sad
1
Sad
Angry Angry
2
Angry

Comments