මාළු කන්න හොඳද? වාර්තාව එළියට


1 share


ගිනි ගැනීමට ලක්වූ “එක්ස්ප්‍රස් පර්ල්” නෞකාවේ රසායනික ද්‍රව්‍ය සහ එහි තිබූ වෙනත් අපද්‍රව්‍ය මුහුදට එකතුවීමත් සමග මාළු පරිභෝජනය කිරීම නුසුදුසු බවට සමාජයේ මතයක් පැතිර ගොස් තිබුණා.

ඒ පිළිබඳ විවිධ පාර්ශව අදහස් පළ කළද ධීවරයින් පැවසූවේ තමන් මාළු ආහාරයට ගෙන ප්‍රසිද්ධියේ පෙන්වන බවයි. එනිසා මාළු ආහාරයට ගැනීමට කිසිදු විටෙක බියක් ඇති කර ගත යුතු නැති බවද ඔවුන් ප්‍රකාශ කළා.

නමුත් ධීවර අමාත්‍යාංශයද මේ පිළිබඳ කරුණු සොයා බලා ඇති අතර පසුව නාරා ආයතනයට ඒ පිළිබඳ සොයා බලන්නැයි දන්වා තිබෙනවා.

ඒ පිළිබඳ සොයා බැලූ නාරා ආයතනය රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතාට අවශ්‍ය කරුණු වාර්තා කර තිබෙනවා.

එම වාර්තාව අනුව මත්ස්‍ය පරිභෝජනය සඳහා කිසිදු ගැටලුවක් නොමැති බවයි නාරා ආයතතනය පෙන්වා දී ඇත්තේ.

කෙසේවෙතත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ නාරා ආයතනයේ මූලික වාර්තාවන්ට අනුව මත්ස්‍ය පරිභෝජනයේ කිසිදු ගැටලුවක් නොමැති බවයි.

මේ අතර ගිනි ගැනීමට ලක්වූ එම්.වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් ගන්නා ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා වරාය සහ නාවුක කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා ඊයේ අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි ශබ්රි මහතා හමුවී සාකච්ඡා පවත්වා තිබෙනවා.


Like it? Share with your friends!

1 share

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
0
Wow
Sad Sad
0
Sad
Angry Angry
1
Angry

Comments