තණමල්විල, හම්බෙගමුව, කුකුල්කටුව ප්රදේශයේ නිවසක් තුළ පුද්ගලයකු තියුණු ආයුධයකින් පහරදි ඝාතනය කර තිබෙනවා.
බහින් බස් වීමක් දුරදිග යාමෙන් ඊයේ රාත්රියේ මෙලෙස ඝාතනය කර ඇත්තේ 52 හැවිරිදි පුද්ගලයෙකු බවයි පොලිසිය ප්රකාශ කළේ.
විසිපහ සහ විසි හත යන වයස් වල පසුවන සැකකරුවන් දෙදෙනකු මෙම ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් එම ප්රදේශයේම පදිංචිකරුවන් බව සදහන්.