Facebook පුද්ගලික ගිණුම්වලින් මුදල් අය කිරීම අරඹයි..

ලොව ජනප්‍රියම සමාජ ජාලය වන ෆේස්බුක් අඩවිය විසින් පුද්ගලික ෆේස්බුක් ගිණුම් වලින් මුදල් අය කිරීමේ නව විශේෂාංගයක් ආරම්භ කර තිබේ.

ෆේස්බුක් නිර්මාතෘ වරයා විසින් තම සමාජ ජාල ගිණුමෙන් මීට ටික වේලාවකට පෙර දැනුම් දී ඇත්තේ රජයේ හැඳුනුම්පතක් සමග තහවුරු කරන ලද ගිණුමකට අමතර ආරක්ෂාවක් ලබා ගැනීම සඳහා නව සේවාවක් ආරම්භ කර ඇති බවයි.

ඒ අනුව මෙම විශේෂාංග සේවාව සදහා මසකට ඇමෙරිකානු ඩොලර් 11.90 කින් ආරම්භ කරන බව ද ඔහු සඳහන් කර ඇත.

ඔස්ටේ‍්‍රලියාවේ සහ නවසීලන්තයේ මේ සතියේ සිට එය ක්‍රියාත්මක වන බවත් ඉක්මනින්ම තවත් රටවල ව්‍යාප්ත කරන බවත් නිවේදනයේ දැක්වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

sixteen − fifteen =