චන්දිමාල්ගේ සාදයට පැමිණ සැඟවුණු ජනප්‍රිය චරිත 6ක් !




රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහට උපන් දින සාදයක් පැවැත්වීම සඳහා පහසුකම් සැපයීම සම්බන්ධයෙන් කොළඹ ෂැංග‍්‍රිලා හෝටලයේ කළමනාකරුවන් ඇතුළු කාර්ය මණ්ඩලයේ 10 දෙනෙකුගෙන් ප‍්‍රශ්නකර ප‍්‍රකාශ ලබා ගැනීම ඊයේ (03) සිට කොටුව පොලිසිය මගින් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව ෂැංග‍්‍රිලා හෝටලයේ කළමනාකරු, නියෝජ්‍ය කළමනාකරු ඇතුළු සිව් දෙනෙකුගෙන් ප‍්‍රශ්නකර ප‍්‍රකාශ ලබා ගැනීමට කොටුව පොලිසිය මගින් ඊයේ කටයුතු කල බව අද (04) දිනපතා පුවත්පත් වාර්තා කර තිබුණා..

මේ අතර සාදයට සහභාගිවූ බව කියන තවත් ජනප‍්‍රිය කලාකරුවන් කිහිප දෙනෙකු ඇතුළු පුද්ගලයින් 6 දෙනෙකු ඉදිරි දින කිහිපයේදී අත්අඩංගුවට ගැනීමට නියමිත බව ද එම පුවත්පත් වාර්තාවල දැක්වෙනවා.

රූපලාවණ්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහගේ උපන් දින උත්සවයට සහභාගි වෙමින් නිරෝධායන නීති රීති උල්ලංඝනය කළ පියුමි හංසමාලි ඇතුළු 15 දෙනකු මේ වනවිට නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කිරීමට පොලිසිය කටයුතු කර තිබෙනවා.


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
1
Lol
Wow Wow
0
Wow
Sad Sad
0
Sad
Angry Angry
0
Angry

Comments