ගිනිගත් නැව මුහුදු පත්ලට ගිලා බසී – ඇදගෙන යාම අතහැර දමයි


1 share


කොළඹ වරාය ඉදිරියේ ගිනි ගැනීමෙන් විනාශ වී ගිය නෞකාව ගැඹුරු මුහුදට ඇදගෙන යාමේ කටයුත්ත තර කර දැමීමට තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහන් කරන්නේ එම නෞකාවේ පසුපස කොටස මීටර විසි දෙකක් පමණ ගැඹුරු මුහුදට ගිලා බැසීම හේතුවෙන් මෙම පියවර ගත් බවයි.

කෙසේ වෙතත් මෙතෙක් නෞකාවෙන් ඉන්ධන කාන්දුවක් හඳුනාගැනීමට නොහැකි වූ බවත් ඒ සම්බන්ධයෙන් නාවුක හමුදාව අවධානයෙන් සිටින බවත් නාවුක හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේය.

මේ අතර ධීවර අමාත්‍යාංශය විසින් දැනුම් දී ඇත්තේ පානදුර සිට කොච්චිකඩේ දක්වා මුහුදු කලාපයේ සියලූ ධීවර කටයුතු නැවත දැනුම් දෙන තුරු නවතා දමන ලෙසයි.

මෙම පියවර ගෙන ඇත්තේ නෞකාව තුලින් කිසියම් පිපිරීමක් සිදු වුවහොත් හෝ ඉන් ගැලවී යන සුන්බුන්වලින් ධීවරයන් ආරක්ෂා කිරීමට බවද අමාත්‍යාංශය සඳහන් කරයි.


Like it? Share with your friends!

1 share

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
0
Wow
Sad Sad
0
Sad
Angry Angry
1
Angry

Comments