සංචරණ සීමා කාලයේ ලැබෙන අලුත්ම අවසරය මෙන්න




සංචරණ සීමා ක්‍රියාත්මක කාලය තුල බලපත්‍ර ලබාගෙන විවෘත කර, අධික මිලට භාණ්ඩ අලෙවිකරන වෙළඳසැල් වල බලපත්‍ර අහෝසි කිරීමට පියවර ගන්නා බව සමූපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ වෙළඳසැල් වල භාණ්ඩ මිල ගණන් පිළිබදව පරීක්ෂාවකට එක්වෙමින්.

සංචරණ සීමා ක්‍රියාත්මක කාලය තුල එක් එක් ග්‍රාමසේවා වසමක් තුළ වෙළඳසැල් 2 බැගින් විවෘත කිරීම සදහා මේ වනවිට අවසර ලබා දී තිබෙනවා.

එලෙස විවෘත කිරීම සඳහා බලපත්‍ර ලබා දී ඇත්තේ ඒ ඒ ග්‍රාම සේවා වසම තුළ තෝරාගත් වෙළඳසැල් 2 ක් සදහා පමණයි.

පාරිභෝගිකයන්ට අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට සිදුවන අපහසුතාවය සැලකිල්ලට ගනිමින් එලෙස එක් ග්‍රාමසේවා වසමක් තුල කොන්දේසිවලට යටත්ව වෙළඳසැල් 2ක් පමණක් විවෘත කිරීමට අවසර ලබා දුන් බවයි රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ප්‍රකාශ කළේ.

එමෙන්ම, විශේෂ බලපත්‍ර සහිතව ජංගම රථ මගින් වෙළදාම් කිරීම සඳහාත් දුරකථන මාර්ග සහ ඔන්ලයින් ක්‍රමයට ඩිලිවරි සේවාවන් මගින් ආහාර ද්‍රව්‍ය වෙළදාම් කිරීම සඳහාත් මේ වන විට අවසර ලබා දී තිබෙනවා.

කෙසේ වෙතත්, එලෙස වෙළදාම් කරන වෙළඳසැල් සහ වෙළඳුන් අධික මිල ගණන් යටතේ ආහාර ඇතුලු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය අලෙවි කරන බවටයි පාරිභෝගිකයන්ගෙන් චෝදනා එල්ල වී ඇත්තේ.

එවැනි පැමිණිලි පාරිභෝගික අධිකාරියේ 1977 ක්ෂණික දුරකථන අංකයට දැනුම් දිය හැකියි.

ඊයේ දිනයේ මෙරටින් නව ආසාදිතයන් 2,584 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 174,861 ක් දක්වා ඉහළ ගියා.

නව ආසාදිතයන්ගෙන් 2,572 කු අලුත් අවුරුදු කොවිඩ් පොකුරේ ආශ්‍රිතයන් වන අතර, විදේශයන් හි සිට පැමිණි 12 දෙනෙකුද ආසාදිතයන් ලෙස හඳුනා ගැනුනා.

ඒ අනුව තවදුරටත් ආසාදිතයන් 29,747 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, සුවය ලැබූ සංඛ්‍යාව එක්ලක්ෂ 43,789 ක්.

ඊයේ දිනයේ කොරෝනා මරණ 27 ක් වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 1,325 ක් දක්වා ඉහළ ගියා.

මෙම මරණවලින් 12 ක් පෙරේදා වාර්තාවී ඇති අතර, 25 වනදා වාර්තාවී ඇති මරණ සංඛ්‍යාව 7 ක්. ඊට අමතරව පසුගිය 24 වනදා මරණ 2 ක් සහ පසුගිය 22, 23 යන දිනවල එක් මරණය බැගින් වාර්තාවී තිබෙනවා.

මේ අතර ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය පැවසුවේ ඉදිරි සති දෙකෙන් පසු මෙරට කොරෝනා අසාදිතයින් වාර්තාවීම පාලනය වනු ඇති බවයි.

දැනට ක්‍රියාත්මක සංචරණ සීමා හා එන්නත්කරණ වැඩපිළිවෙළ හමුවේ මෙම උපකල්පනයට පැමිණිය හැකි බවයි එම සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසුරිය කියා සිටියේ.


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
0
Wow
Sad Sad
0
Sad
Angry Angry
0
Angry

Comments