හෙට සිට රට වැසෙන හැටි මෙන්න




දැනට ක‍්‍රියාත්මක දැඩි සංචරණ සීමා ජුනි 07 දක්වා දිගු කිරීමට රජය තීරණය කර ඇත.

කොලඹ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා පැවසුයේ මැයි 31 වෙනිදා හා ජුනි 04වනදා ජනතාවට අත්‍යවශ්‍ය භාන්ඩ ලබා ගැනීම සඳහා පමණක් අවස්ථාව ලබා දෙන බවය.

හෙට දිනයේ සීමා ලිහිල් කිරීමද ඒ ආකායෙන්ම ක‍්‍රියාත්මක බවද ඔහු පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කලේ කොලඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

සංචරණ සීමා ඉවත් කිරීම ජූනි 7 වනදා උදෑසන 4.00ට සිදු කෙරෙයි.

ඒ අනුව ජූනි 07 තෙක් සංචරණ සීමා ක‍්‍රියාත්මක වන්නේ මෙසේය.

මැයි 25 රාත්‍රී 11.00 සිට මැයි 31 වනදා පෙරවරු 4.00 දක්වා සංචරණ සීමා ක‍්‍රියාත්මකය.
මැයි 31 වනදා රාත්‍රී 11.00 සිට ජුනි 4 පෙරවරු 4.00 දක්වා සංචරණ සීමා ක‍්‍රියාත්මකය.
ජුනි 4 රාත්‍රී 11.00 සිට ජූනි 7 වනදා පෙරවරු 4.00 දක්වා සංචරන සීමා ක‍්‍රියාත්මකය.


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
1
Love
Lol Lol
0
Lol
Wow Wow
0
Wow
Sad Sad
0
Sad
Angry Angry
0
Angry

Comments