සේවකයින්ගේ ජිවිත අනතුරේ හෙළූ දඹුල්ල නගරාධිපතිගේ කොරෝනා ෆොටෝ ෂුට් එක




දඹුල්ල මහ නගර සභාවේ නගරාධිපති ජාලිය ඕපාත ඊයේ නගර සභා බල ප්‍රදේශයේ කොරොනා ආසාධිතයකු බැලීමට ඔහුගේ නිවසට ගොස් තිබෙනවා, පසුගිය දිනක දඹුල්ල නගර සීමාවේ තිත්තවැල්ගොල්ල ගම් ප්‍රදේශයෙන් හමු වු කෙරොනා රොගියෙකු ගේ නිවසට ඔහු මෙසේ ගොස් ඇත්තේ නගර සභාවේ තවත් සේවක පිරිසකුත් සමගයි.

මෙම ගමනේදී නගරාධිපතිවරයා නගර සභා සේවකයින් ලවා ගෙන්වා ගත් මුලු සිරුරම ආවරණය වන පරිදි වූ ආරක්ෂිත ඇඳුම් කට්ටලයක් ඇද සිටි අතර අනෙකුත් සේවකයින් මූණු ආවරණ පමණක් පැලද අතිශයෙන්ම අනාරක්ෂිත ලෙස සිට තිබෙනවා.

එහිදී ඔහු සිය මූනු පොතේ දැමීමට ‍තමා මෙම ඇදුම් කට්ටලය ඇද සිටින අයුරු ඡායාරූප ගැනීමක් හා වීඩියෝ ගත කිරීමක් කර ඇත. නගරාධිපතිවරයගේ මෙම ගමනේ මුඛ්‍ය අභිමතාර්ථය වුනේද මේ ඡායාරූප ලබා ගැනීම බවයි හෙළි වී ඇත්තේ.

මෙහිදී නගරාධිපති රයා රෝගියා වෙසෙන නිවසට යෑමට පෙර ‍ආරක්ෂිත ඇදුම් කට්ටලය අදින අවස්ථාවේ සිට ගලවන අවස්ථාව දක්වා ත් පාවහන් විෂබීජ හරණය කරන අවස්ථාද රෝගියාගේ නිවසේ සිටින පුද්ගලයින්ගෙන් ප්‍රශ්න කරමින් නිවස තුළ ඔබ මොබ යමින් උපදේස දෙන අයුරුත් ඡායාරූප ගත කිරීමට නගර සභා සේවකයින් ට උපදෙස් දී ඇත.

නමුත් ඒ කිසිදු නගර සභා සේවකයෙක් කිසිදු ආරක්ෂක ක්‍රමවේදයක් අනුගමනය නොකර නගරාධිපතිවරයා සමග රොගියා සිටි නිවස පුරාම ඔබ බොබ යමින් ඡායරූප ගැනීම කර ඇත.

නගරාධිපතිවරයා මේ ආකාරයෙන් නිරූපන ශිල්පියකු වී නගරසභා සේවකයින්ගේ හා නගර වැසියන්ගේ ජීවිත අනතුරේ හෙළමින් කළ වගකීම් විරහිත ක්‍රියාව පිළිබඳ මේ වනවිට නගරය පුරා විරෝධතාවක් මතු වෙමින් ඇත.

පසුගිය දින කිපය පුරාම දඹුල්ල නගර සභා බල ප්‍රදේශයෙන් කොරොනා රොගින් විශාල ප්‍රමාණයක් හමු වු අතර අප්‍රේල් 30 වැනිදා සිට මැයි 20 වැනිදා දක්වා දඹුල්ල පොලිස් බල ප්‍රදේශය හුදලා කොට සංචරණ සීමද පනවා තිබුණා.

කොරොනා පළමු රැල්ලේදී රටම වසා තිබුණු අවස්තාවේදී වගකීම් විරහිත ලෙස බයිසිකල් ධාවන තරගයක් පැවැත්වූවෙද මේ නගරාධිපතිවරයාය. ඒ වරදට මොහුට අධිකරණයෙන් දැඩිව අවවාද ද කර ඇත.

එවන් පසුබිමක නගරසභාවේ දේපොල හා සේවකයින් අවභාවිතා කරමින් නිරූපණ ශිලිපියකු වෙමින් තමන්ගේ පෞද්ගලික අභිමාතාර්ථයක් ඉටු කර ගැනීමට දඹුල්ල නගරයේ ජනතාව පමණක් නොව රටටම බෝග බෙදා හරින ආර්ථික මධ්‍යස්ථානයක් ඇති නගරයක් ලෙස රටේම ජනතාව අනතුරේ හෙලමින් කටයුතු කළ නගරාධිපතිවරයාට එරෙහිව බලධාරීන් ගන්නා පියවර කුමක් දැයි ජනතාව විමසිල්ලෙන් බලාසිටී.


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
0
Wow
Sad Sad
0
Sad
Angry Angry
0
Angry

Comments