මහ අනතුරක්.. 40ක් රෝහලේ..

නුවරඑලිය සිට ත්‍රිකුණාමලය දක්වා සංචාරකයන් පිරිසක් රැගෙන ධාවනය කල පෞද්ගලික බස් රථයක් නුවරඑලිය ලබුකැලේ ටොප්පාස් ප්‍රදේශයේදි අනතුරට පත්විමෙන් බස් රථයේ ගමන් ගත් 40 දෙනෙකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් කර ඇති බව නුවරඑලිය ජෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ හක්මන මහතා පැවසිය.

නුවරඑලිය ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන සංචාරක හෝටලයක (ග්‍රැන්ඩ් හෝටලය) සේවය කරන සේවක සේවිකාවන් සංචාරයක් සදහා නුවරඑලිය සිට ත්‍රිකුණාමලය දක්වා ප්‍රවාහනය කරන අතරතුර (11) දින අලුයම 5 ට පමණ මෙම අනතුර සිදු වි ඇති බවයි පොලිසිය කියා සිටියේ.

ධාවනය වෙමින් තිබු බස් රථයේ තිරිංග හදිසියේ ක්‍රියාවිරහිත විම නිසා බස් රථය වංගුවක් සහිත ප්‍රදේශයේදි ඉහල මාර්ගයේ සිට පහල මාර්ගයට පෙරලි මෙම අනතුර සිදු වි ඇත.

අනතුරෙන් තුවාල ලැබුවන් ප්‍රදේශවාසින් සහ නුවරඑලිය පොලිසියේ නිලධාරින් එක්ව රෝහල් ගත කර ඇති අතර, තුවාලකරුවන්ගෙන් කිහිපදෙනෙකුගේ අස්ථි බිදි ඇති බවද රෝහලේ සේවකයෙකු පැවසිය.

බස් රථය අනතුරට පත්වන අවස්තාවේ බස් රථයේ රියදුරා සහ සහයකයා ඇතුළු 41 දෙනෙකු ගමන් කර ඇති බවත්, අනතුර පිලිබදව නුවරඑලිය පොලිසිය පරික්ෂණ පවත්වයි.

– රංජිත් රාජපක්ෂ

Related Posts

විදුලි ගාස්තු සංශෝධනය ගැන තීරණය මෙන්න

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව අද (17)…

Read more

සුළි කුණාටුව තීව්‍ර වෙයි… වෙන්න යන්නේ මෙන්න මේකයි…

බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවැති ගැඹුරු පීඩන අවපාතය අද…

Read more

ආරුගම්බේ ආරක්ෂාව ගැන පොලිසියෙන් විශේෂ ප්‍රකාශයක්..

උදෑසනම අහන්න ලැබුණ උණුසුම් පුවතක් එක්ක සමාජයේ මේ…

Read more
Arugam Bay Attack

ආරුගම්බේට ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක්.. අමෙරිකානුවන්ට එහි නොයන්නැයි තානාපති කාර්යාලය ඉල්ලයි..

කියන්න යන්නේ තවත් විශේෂ කාරණයක් ගැන ඇසෙන කතාවක්…..

Read more

ඉහළ අහසේදී යකා නැටූ ශ්‍රී ලංකන් ගුවන් යානය තුළ ඇත්තටම සිදුවුණේ කුමක්ද..?

ශ්‍රී ලන්කන් ගුවන් සේවයත් දැන් පාරේ යන බස්…

Read more

පාසල් පැවැත්වීම ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ තීරණයක්..

කියන්න යන්නේ පවතින කාලගුණය හමුවේ ඇසෙන තවත් විශේෂ…

Read more

Leave a Reply

Your email address will not be published. Required fields are marked *