කොවිඩ් වැළඳී සිටි කුරුණෑගල ගැබිනි මවක් ජීවිතක්ෂයට




කොවිඩ්-19 වැළඳී සිටි තවත් ගැබිනි මවක ජීවිතක්ෂයට පත්වී තිබේ.

කුරුණෑගල, නක්කාවත්ත ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි කාන්තාවක මෙලෙස මිය ගොස් ඇත.

අදාළ කාන්තාව මුල්ලේරියාව මූලික රෝහලේ සිට හෝමාගම මූලික රෝහල වෙත මාරු කර යවා ඇති අතර එහිදී මැයි 18 වන දා එම කාන්තාව මිය ගොස් තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඇයගේ මරණයට හේතුව ලේ විෂ වීම, කම්පනය සහ කොවිඩ් නියුමෝනියාව උත්සන්න වීම බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළ බවය.

මීට පෙර කොවිඩ්-19 වැළඳී සිටි ගැබිනි මව්වරුන් සිව් දෙනෙකු මිය ගිය බව වාර්තා විය. ඒ අනුව, කොවිඩ්-19 වැළඳීමෙන් ජීවිතක්ෂයට පත් වුණු පස්වන ගැබිනි මව ඇයයි.

ඊයේ දිනයේ මෙරටින් කොවිඩ් මරණ 44ක් වාර්තා වුණු අතර මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන ඒ අනුව 1,132ක් දක්වා ඉහළ ගියේ ය.

අදාළ මරණ පිළිබඳ සවිස්තර වාර්තාව පහතින් දැක්වේ.


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
0
Wow
Sad Sad
0
Sad
Angry Angry
0
Angry

Comments