පොහොර බෑගයක් තුළින් හමුවූ තරුණයා




දඹුල්ල නගරයේ පොහොර බෑගයක් තුළ සිහිසුන්ව සිටි තරුණයෙකු නගරවාසීන් සහ පොලිසිය එක්ව අද (22) උදෑසන දඹුල්ල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

නගරයේ වෙළඳසැලක් ඉදිරිපිට පොහොර බෑගයක පුද්ගලයකු සිටින බවට දැක ඇති අයෙක් මේ සම්බන්ධයෙන් පොලීසියට දැනුම් දීමෙන් පසුවයි ඔහු සොයාගෙන ඇත්තේ.

මෙම තරුණයා මාවතගම ප්‍රදේශයේ පදිංචි ගාමිණී දිසානායක නැමැත්තෙකු බවට අනන්‍යතාව තහවුරු කර ගැනීමට හැකි වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මොහු කුමන කාරණයක් සඳහා දඹුල්ලට පැමිණියේ ද, කුමක් හෝ කරදරයක පැටලී ඇද්ද යන්න සම්බන්ධයෙන් කිසිඳු තොරතුරක් තවමත් අනාවරණය වී නැහැ.


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
0
Wow
Sad Sad
0
Sad
Angry Angry
0
Angry

Comments