ජූනි මාසයේ මෙරට කොරෝනා පාලනයේ




ජුනි මාසය අවසාන වනවිට ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසය පාලනය කර හැකි වනු ඇතැයි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කරයි.

මෙරට වයස අවුරුදු 20 ඉක්ම වූ පුද්ගලයන්ට එන්නත් කිරීම සදහා එන්නත් මාත්‍රා මිලියන 29 අවශ්‍ය බවත් පැවසූ ඔහු දැනටමත් මිලියන 32 ක එන්නත් මාත්‍රා ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ලැබීම සහතික කර ඇති බවද සඳහන් කළේය.

එම එන්නත් සියල්ල දෙසැම්බර් මාසයට පෙර මෙරටට ලැබෙනු ඇති බවත් රුසියාවෙන්, චීනයෙන් සහ ඇමෙරිකාවෙන් එම එන්නත් තොග ඇනවුම් කර ඇති බවත් ඔහු පැවසීය.

චීනයෙන් මාත්‍රා මිලිවක 03ක් හා රුසියාවෙන් එන්නත් මිලියන මාත්‍රා මිලියනයක් ජූනි මාසයේ මෙරටට පැමිණෙන බවත් ඒවා කඩිනමින් එන්නත්කරණය කල පසු වසංගතය පාලනය කළ හැකි වනු ඇති බවද ඒ මහතා සඳහන් කළේය.

ඉන් අනතුරුව සංචාරන සීමා ක්‍රමානුකූලව ඉවත් කළ හැකි වනු ඇතැයි ද ඔහු තවදුරටත් කියා සිටියේය.

කොරෝවා මර්ධන ජනාධිපති කාර්ය සාධක බලකාය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග ඊයේ පැවති සාකච්ඡාවේ දී ඔහු මෙම අදහස් පල කරන ලදී.

ජුනි අවසානයේ කොවිඩ් අවසන් කරන්න සැලැස්මක්

🔺ජුනි අවසානයේ කොවිඩ් අවසන් කරන්න සැලැස්මක්..

#lka #News1st #VIV #Vaccine #Corona

Posted by Newsfirst.lk on Friday, May 21, 2021


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
0
Wow
Sad Sad
1
Sad
Angry Angry
0
Angry

Comments