වසංගතය වසන් කරන්න ගියොත් අපිත් වසන් වෙලා යයි




දෛනිකව වාර්තා වන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවට වඩා තුන් ගුණයක පමණ ආසාදිතයින් පිරිසක් සමාජය තුළ සිටිය හැකි බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පවසනවා.

ඇය පවසන්නේ එම ආසාදිතයින්ගෙන් තව තවත් රෝගය ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බවයි.

මේ අතර මාධ්‍ය වෙත ප්‍රකාශ ලබාදීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ නිලධාරින්ට නිකුත් කර ඇති චක්‍රලේඛය පිළිබඳව ඇයගෙන් කළ විමසීමකදී ඇය පවසා සිටියේ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ රාජ්‍ය නිලධාරීන්ට විනයක් ඇති බවයි.

ඒ නිසාවෙන් කිසිවෙකුටත් සිතූ පමණින් අවශ්‍ය දේ මාධ්‍යයට පැවසිය නොහැකි බවත් එයින් ජනතාව අපහසුතාවයට පත්වන බවත් ඇය සඳහන් කළා.

ජනතාව දැන් බුද්ධිමත් බවත් වෛද්‍ය කාරණාවලදී තෝරා බේරාගෙන පිළිගත යුත්තේ කුමක්ද යන්න පිළිබඳව ජනතාව අවබෝධයෙන් සිටින බවත්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ විවිධ පුද්ගලයින් විවිධ ප්‍රකාශ කරන විට ජනතාවද අසීරුතාවයට පත්වන බවත් ඇය වැඩිදුරටත් පවසා සිටියා.

එමෙන්ම මාධ්‍යවේදීන් යොමුකල ප්‍රශ්නයක් හමුවේ ඇය ප්‍රකාශ කර සිටියේ ඔවුන් මෙම වසංගතය වසන් කරන්න ගියොත් ඔවුන්ද වසන් වී යා හැකි බවයි.


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
0
Wow
Sad Sad
0
Sad
Angry Angry
0
Angry

Comments