ක්ලබ් වසන්ත එක්ක මරු කටට ගිය නයනගේ කතාව

”මට උඹට නයන වාසුල කියලා පුරුදු නෑ..

මට උඹ එදත් මහානාම.. අදත් මහානාම..

මගේ සහෝදරයා මහානාම උඹට නිවන් සුව ලැබේවා..!”

මේ මොහොත වන විටත් රටම කතා කරන මාතෘකාව, ‘ක්ලබ් වසන්ත ඝාතනය’

රටක් බියෙන් ඇලලී ගිය මේ ආන්දෝලනාත්මක සිදුවීමත් එක්ක එළියට ආව කතා සෑහෙන්න.

ඒ අතර එකකි, ක්ලබ් වසන්ත සමඟම මියගිය අනෙක් පුද්ගලයා වන ‘නයන වාසුල’ ගැන කෙරෙන කතාබහ.

කතාව ගැන කාගෙත් අවදානය යොමු වුණේ හිමි නමක් විසින් තබන ලද ෆේස්බුක් සටහනක් හේතුවෙන්.

ඊට අනුව ගිහි කල නයන නම් ඔහු මීට ඉහත අතිශය ජනප්‍රියව ඇත්තේ, “ගම්පහ මහානාම” හිමි මැයෙන්.

කොහොම නමුත් නයනගේ මරණයත් සමඟ කරළියට ආවේ, ඔහු කේ. සුජීවාගේ හිතවතෙක් වන බවක්.

පහතින් දැක්වෙන්නේ මියගිය නයන ගැන තබා තිබූ ෆේස්බුක් සටහන් කිහිපයකි…

”උඹයි, මමයි මහණ වුණේ එක දවසේ.. උපසම්පදා වුණේ එක දවසේ.. උඹයි මායි එක වයසේ.. උඹ සිල් රකින්න බෑ කියද්දී,

උඹව බලෙන් වාහනේ දාගෙන ගිහින් උපසම්පදාවේ වාඩි කෙරෙව්වේ මම..

ඒත් උඹ බණට මට වඩා දක්ෂයි.. උඹ කවියක් කියද්දී ඒ හඩට වශී නොවුනේ කවුද?

Monara

උඹේ රෑපෙට වශී නොවුන කෙනෙක් ඒ දවස් වල ධර්ම ශාලාවේ හිටියේ නෑ..

උඹ දවසින් දවස ජනප්‍රිය වෙද්දී බණ පොතක් කියවන්න කම්මැලි උඹට බණට යන ගමන් සූත්‍ර කියලා දුන්නේ මම..

උඹ උපන්නෙම සිවුරට.. උඹ ගැලපුනේම සිවුරට.. ඒත් අන්තිම කාලේ උඹ දවසින් දවස වෙනස් වෙද්දී,

මං උඹගේ වැරදි හදාගනින් කියද්දී උඹ මාත් එක්ක තරහා වුනා..

ඒත් අන්තිමට උඹ මේ k සුජීවා ගෑණිට කර ගහලා ජීවිතේට මෙච්චර විනාසයක් කර ගනී කියලා මම හීනෙන්වත් හිතුවේ නෑ..

රටක් ලෝකයක් බණ පදෙන් සනසවපු, රටක ලෝකයක සාධු කාර මැද්දේ චිතකයක දැල්වෙන්න හිටපු උඹට බල්ලෙක් වගේ වෙඩි කාලා මැරෙන්න වුණේ මේ කාලකණ්ණි ගෑණී නිසයි..

සුජීවා නුඹට මේ ශාපෙන් ගැලවෙන්න බැරි වෙයි කවදාවත්..

මට උඹට නයන වාසුල කියලා පුරුදු නෑ..

මට උඹ එදත් මහානාම.. අදත් මහානාම.. මගේ සහෝදරයා මහානාම උඹට නිවන් සුව ලැබේවා..!

මම උඹට හැමදාම ආදරේ කරපු ඤාණතුසිත..

“ගම්පහ මහානාම” හිමියනි නුබට නිවන්සුව බොහෝ දුර නොම වේවා…

Monara

අතුරුගිරීයේදී වෙඩි පහරින් මියගිය ක්ලබ් වසන්ත සමග මියගිය අනෙක් පුද්ගලයා නම් කවරහුද ?

ඔහු වනාහී… , වසර 20 කට ආසන්න කාලයක් සුන්දර ලෙස පැවිදි ජීවිතයක් ගතකල, ලංකාව පුරා, රූපවාහිනී, ගුවන්විදුලි මාධ්‍ය තුලින් පවා ඉතාම දක්ෂ ලෙස මිහිරි හඬින් බුදු බණ දෙසූ, වහරක දම්සක් විහාරයේ වැඩ සිටි,

“ගම්පහ මහානාම හිමි” නම් වූ භික්ෂූන් වහන්සේය.

k සුජීවා ගායිකාවක් නිසා මේ පිංවන්ත බුදු පුතුන් මෑතකදී යලිත් “නයන වාසුල” ලෙස ගිහි බවට පත්වීය.

අහෝ… මේ පිංවන්ත අපගේ පැවිදි බුදු පුතුන් අද දින බල්ලෙකු ලෙස ගායිකාව නිසා වෙඩි පහරකින් මිය ගියා නෙව.

මහසඟරුවනේ ගරුබුහුමන් මැද චිතකයක අවසන් ගමන් යන්නට තිබු ඔහුට අද සිදුවූයේ වෙඩි පහරකින් මිය යන්නටයි…

2005 වර්ෂයේදී මට හමුවුන පිංවන්ත කළ්‍යාණ මිත්‍ර සහෝදර හිමි නමකි මහානාම හිමියනි නුබ.

මේ දිවියේ නුබගේ පින මෙතකින් ගෙවීගොස් හමාරය.

මේ වනවිටත් නුබේ ඊලඟ ජීවිතය කොහේ හෝ ආරම්භ කර ඇත.

නුබ පැවිදිව සිට බනට කියූ ලෙසින්ම, මේ ගෞතම බුදු සසුනේදීම ඒ අමා නිවනින් සැනසෙන්න නුබටත් වාසනාව ලැබේවායි කියා ප්‍රාර්ථනා කරමි .

සුභ ගමන් හිමියනි.”

Monara

”මේ සටහන ලියන්නේ බොහෝම සංවේගයෙන්….

අසත්පුරුෂ සිත් ඇත්තො අකුසල් පුරවා නොගනිත්වා.

ගම්පහ මහානාම ස්වාමීන්වහන්සේ කිව්වම ලංකාවේ නොදන්න කෙනෙක් නැති තරම් මහා පෞරුෂයකින් හෙබි ගැඹුරු කටහඩක්, පුණ්‍යවන්ත දේහ විලාසයක්, සොඳුරු සංවර පෙනුමත් සැදැහැවතුන්ගේ සිත් පැහැරගත් චරිතයක්..

ගැඹුරු ධර්ම කරුණු ගැන උන්වහන්සේට තිබුන දැනුම හරිම ප්‍රසංසනීයයි.

උන්වහන්සේ දේශනාවකට වාඩි වුනාම එය අවසන් වන තුරු භාවනාවකට සම වැදුන වගේ දේශනාව පවත්වනවා.

ථූපාරාම සෑයේ පින්වත් ලක්ෂ්මි අබේගුණවර්ධන නෝනලා සමඟ සිදු කරපු පිංකමකදි අපේ ස්වාමීන්වහන්සේ ධර්ම දේශනාවට වැඩිය.

උන්වහන්සේ මට මුලින්ම මුණ ගැහෙන්නේ ඩුබායිහිදී. බොහෝම අහිංසක චරිතයක්. ජනප්‍රිය කෙනෙක් වුනාට කිසිම අහංකාරකමක් නැති නිහතමානි කෙනෙක්. මම උන්වහන්සේ එක්ක ඩුබායි නඟරයේ තැන් තැන්වලට වැඩම කලා. ඒ ගමනෙදි මට වැටහුන දෙයක් උන්වහන්සේගේ දේශනාව ඉතා ගම්භීර වුනාට හිතන විදිහ පොඩි දරුවෙක් වගේ. හරිම බොළඳයි. අහිංසක සිතක් තිබුනේ. මට එ දවස් දෙකට තේරුන දේ. අපේ හිතවත් ස්වාමීන්වහන්සේලා කීප නමක් සමඟ ම කිව්වා. මට උන්වහන්සේට ඒක කියන්න බෑනේ.

මනුස්සයෙක් හැටියටත්, භික්ෂුවක් හැටියටත්, දේශකයන් වහන්සේ නමක් හැටියටත් ඒ කාලේ හොඳින් හිටිය.

අපේ බුදු රජාණන් වහන්සේ දේශනා කරා

චත්තාරො ඛො මහාරාජ

ලොකො අතිබලා භුසා

රාගො දෝසො මදො මොහො

තත්ථ පඤ්ඤා න ඝාදති

මහරජ මේ ලෝකයේ ඉතා බලවත් ධර්ම සතරක් ඇත. රාගය ද්වේෂය මදය මෝහය ඒ ධර්ම සතරය්, මේවා බලවත් වන තැනක ප්‍රඥාව පිහිටක් නොලබන්නේ ය.

රාජ දේවියට වසඟව කාමයන් ඇසුරු කොට ලබා සි⁣ටි ධ්‍යාණයන්ගෙන් පිරිහී ගිය අප මහා බෝසත් හරිත්තච තාපසයන් වහන්සේ තම දුර්වලතාවයන් හදුනාගෙන පිරිසිදු වී යලිත් ධ්‍යාණ වඩා එම රජුට කල අවවාදය සම්බුදු මුවින් ද වදාළ සේක.

මේ සිදුවීමත් එබඳුය.

ධර්මය පිළිබඳ හසල දැනුමක් දැක්මක් චාතුර්‍යයක් තිබු උන් වහන්සේ රාගයෙන් අන්ධ කරන ලදුව ගිහි දිවියට ගෙන යන ලදි.

අද උදෑසන සිදු වූ ඒ අවාසනාවන්ත වෙඩි තැබීමේ දී එතුමන් ද මරණයට පත්ව ඇති බන දැන ගන්නට ලැබුණි.

ගිහි පැවිදි කා හටත් ධර්මය ඇති මොහොතේ අප්‍රමාදීව සිහි නුවණ උපදවා මනා කොට තම ජීවිතය සුරක්ෂිත කර නොගතහොත් ඕනෑම මොහොතක පිරිහීම කරා යන්නට සිදු වෙන බවට මේ හොඳම නිදසුනකි.

අහෝ මේ කෙලෙසුන් සහිත ලෝකයට නින්දා වේවා.

අපේ පින්වත් ස්වාමීන්වහන්සේ නමක් ව සිටිමින් දහම් මඟට හිතැති සැදැහැති බොහෝ සැදැහැවතුන් සිත් තුල අප්‍රමාණ කුසල් සිත් ඇති කල ⁣පින ඔබගේ සසර ගමනට උපකාරයක් වේවා”

Monara

Related Posts

හම්බෙගමුවේදී පුද්ගලයකු ඝාතනය කළ දෙදෙනකු අත්අඩංගුවට

තණමල්විල, හම්බෙගමුව, කුකුල්කටුව ප්‍රදේශයේ නිවසක් තුළ පුද්ගලයකු තියුණු…

Read more

අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළට..

කියන්න යන්නේ පාරිභෝගික ඔබට අත්වෙන තවත් වාසියක් ගැන…

Read more
Bob Newhart

රසිකයින් සිනහා සාගරය ගිල්වූ ප්‍රතාපවත් රංගන පෞර්ෂය දිවිසැරිය නිම කරයි..

ලොවක් ආදරය කළ තවත් සුප්‍රසිද්ධ චරිතයක නික්මයාම ගැනයි…

Read more

එන මාසේ සිට විදුලි වාහන ගෙන්වයි..

එළඹෙන අගෝස්තු මාසයේදී වාහන ආනයනය කිරීම ආරම්භ කරන…

Read more

ජාතික රූපවාහිනියට ගිනි තබති.. ඩකා උණුසුම්.. අන්තර්ජාලය අත්හිටුවයි.. විශාල පිරිසක් මරුට..

බංගලාදේශයේ ජාතික රූපවාහිනි ආයතනයට ගිනි තැබීමක් සිදුකර ඇත….

Read more

ක්ලබ් වසන්ත වෙනුවෙන් ඔහුගේ පුතෙකු විදේශයක සිට කළ අපූරූ දේ

අතුරුගිරියේදී වෙඩි තබා ඝාතනය කෙරූ ක්ලබ් වසන්ත හෙවත්…

Read more

Leave a Reply

Your email address will not be published. Required fields are marked *