ඊශ්‍රාලයේ යුද ගැටුම් මැද එළියට ආ සුරූපී හමුදා නිළධාරිනියන්




මේ දිනවල ඊශ්‍රාලය සහ පලස්තීනය අතර යුද සංග්‍රාමය ලෝකයේම අවධානය යොමුව ඇති සිදුවීමක්. මේ අතරතුර “මිසයිල ක්ෂණයෙන් විනාශ කරන” ඊශ්‍රාලයේ ආරක්ෂණ පද්ධතිය ගැනත් බොහෝ දෙනෙකු කතා කරමින් ඉන්නවා.

හැබැයි අපි මේ කතාව කියන්නේ ඒ ගැන නම් නෙවෙයි.

බුකියේ ඉහළ පහළ යන ඔබටත් අනිවාර්යෙන්ම ඊශ්‍රායලයේ හමුදාව නියෝජනය කරන සුරූපී තරුණියන්ව ඇහැ ගැටෙන්නට ඇති…

අපි මේ කියන්න හදන්නේ අන්න ඒ සුරූපිනියක් ගැන අමුතුම කතන්දරයක්……………….

කාන්තාවන් සඳහා අනිවාර්ය සේවා අවශ්‍යතාවයක් ඇති ලෝකයේ රටවල් කිහිපය අතරට ඊශ්‍රාලයත් ඇතුළත්.

IDF (ඊශ්‍රායල් ආරක්ෂක හමුදා) වාර්තා අනුව 1962-2016 කාලය තුළ පමණක් මෙහෙයුම්වලදී ඊශ්‍රාලයේ කාන්තා සෙබළියන් 535 දෙනෙකු ජීවිත හැර ගොස් තිබෙනවා.

1948 දී රාජ්‍ය පිහිටුවන්නට පෙර ද කාන්තාවන් හමුදා සේවයට සහභාගි වී ඇති බව සඳහන්.

2014 දී IDF සඳහන් කළේ, කාන්තාවන්ගෙන් 4%කටත් වඩා අඩු සංඛ්‍යාවක් පාබල, යුද ටැංකි කාර්ය මණ්ඩලය, කාලතුවක්කු සේවය, ප්‍රහාරක ගුවන් නියමුවන් යනාදී සටන් ස්ථානවල යෙදී සිටින බවයි.

කෙසේ වෙතත්, කාන්තා හමුදා නිලධාරිනියන්ට සිදුවන ලිංගික හිරිහැර ගැනද කතාබහට ලක්ව ඇති අතර, 1999 අවම වශයෙන් පැවති ලිංගික හිරිහැර පිළිබඳ පැමිණිලි 1997දී 280 දක්වා වැඩි වී තිබෙනවා. (මේ පැමිණිලි එක් දිනකදී ලැබෙන පැමිණිලියි.)

1998-99 කාලය තුළදී මෙවැනි චෝදනා මත නිළධාරින් 54 දෙනෙකු හමුදාවෙන් නෙරපා හැර තිබෙනවා. අනෙක් පිරිස් සිරගත කර ඇති බව සඳහන්.

2004 දී කාන්තා සොල්දාදුවන් 5 දෙනෙකුගේ එක් අයෙකු ලිංගික හිරිහැරවලට ලක්වන බව අනාවරණය වූ අතර, මෙය මැඩපැවැත්වීම අදටත් ගැටළුවක්ව පවතින බවයි විකිපීඩියා සඳහන් කරන්නේ.

By Lakshan
තොරතුරු අන්තර්ජාලයෙන්…


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
1
Love
Lol Lol
0
Lol
Wow Wow
0
Wow
Sad Sad
0
Sad
Angry Angry
0
Angry

Comments