ජනාධිපතිවරණය කැදවයි…?

පළාත් පාලන මැතිවරණය කල් දමමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණය කැඳවීමට සූදානම් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා සඳහන් කරයි.

ජනාධිපතිවරයා විසින් මේ වනවිටත් බෙදුම්වාදීන් ඇතුළු විවිධ කල්ලි කණ්ඩායම් සනසමින් සිටින්නේ ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඔවුන්ගේ ඡන්ද කොටස ලබාගැනීමේ අරමුණින් බවද හෙතෙම පැවසීය.

13 නැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීම ආදී බෙදුම්වාදී උවමනා ක්‍රියාත්මක කරවීමටත් පොරොන්දු දෙමින් ඇති බවත් ඔහුගේ ජාත්‍යන්තර ස්වාමිවරුන්ගේ සහායද මේ සදහා ලැබෙමින් ඇති බවත් හෙතෙම කියා සිටියේය.

කෙසේ වෙතත් ‍රජාතන්ත්‍රවාදය අහෝසි කරමින් යන මැතිවරණ සිතියම හැකිලීමට ඉඩ තැබිය නොහැකි බව ද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

කොලඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 × five =