අතුරුගිරිය ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයකක් තුළ දී වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට පත් වූ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්තගේ දේහය අද (09) පස්වරුවේ බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල් ශාලාවක් වෙත රැගෙන ඒමට නියමිතයි..
ඒ බව ඔහුගේ පවුලේ සමීප ඥාතියෙක් හිරු ප්‍රවෘත්ති අංශය වෙත පැවසුවා..
මේ අතර අදාළ ඥාතියා අප වෙත වැඩිදුරටත් සඳහන් කළේ, වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට පත් වූ සුරේන්ද්‍ර වසන්ත පෙරේරාගේ දේහය මේ වනවිට පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා යොමු කර ඇති බවයි..
තව ද වසන්තගේ දේහය තබා ඇති හෝමාගම රෝහල වෙත, ඔහුගේ පවුලේ කිසිදු සාමාජිකයෙකුට නොපැමිණෙ ලෙස පොලිසිය විසින් දන්වා ඇති බවත් ඊට හේතුව ලෙස ඔහුගේ පවුලේ සාමාජිකයන්ගේ ආරක්ෂාව පිළිබඳ පියවරක් ලෙස ද අදාළ තැනැත්තා අප වෙත වැඩිදුරටත් සඳහන් කළා..
මේ අතර මෙම වෙඩි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ වසන්තගේ බිරිඳ, මේ වනවිට කළුබෝවිල රෝහලෙහි දැඩි සත්කාර ඒකකයෙහි ප්‍රථිකාර ලබමින් සිටින අතර, ඇයගේ තත්ත්වය තවමත් යහපත් නොවන බවයි ඇය හිරු ප්‍රවෘත්ති අංශය වෙත පැවසුවේ..
දේහය සම්බන්ධයෙන් සිදුකෙරෙන අවසන් කටයුතු ඉදිරියේදී දැනුම් දීමට නියමිතයි..