එලයිසාට ලොව දකින්න එළිය දෙන්න


2 shares


මඩකලපුව සියොන් දෙව්මැඳුරේදී පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරයට ලක්වූ අට හැවිරිදි එලයිසා ඩෙබි දැරිය මේවනවිට සදහටම දෑස් අන්ධව පසුවෙයි.

මඩකලපුව ශාන්ත මේරි විiාලයේ ඉගෙනුම ලබමින් සිටි ඇගේ පාසල් දිවියද අද අහිමි වී තිබේ.

බෝම්බ පිපිරීමෙන් පසු ඇය දැන් පසුවෙන්නේ සිය නැන්දා සහ ආච්චි අම්මා සමඟය.

ඊයේ (11දා* දහවල් අපි ඇයගේ පවුලේ ඥාතීන් සමඟ දුරකථනයෙන් කතාබස් කළ අවස්ථාවේ ඇයගේ ඥාතියෙක් ඇය වෙනුවෙන් මෙසේ කරුණු දැක්වූවාය.

ලයිසා දුව එදා පල්ලි ගියේ එයාගේ අම්මා තාත්තා සමගයි.

බෝම්බ ශබ්දේ මේ දුවට ඇහුණා විතරයි. මියගිය පිරිස අතර එයාගේ මවත් වැටිලා හිටියා. එයාගේ තාත්තාගේ කකුල් දෙකට හානිවුණා. ටික කාලයකින් පසු තාත්තාත් මියගියා.

දැන් මේ දුවගේ අධ්‍යාපනයත් නතර වුණා. ඇය දැන් බේල් ක‍්‍රමයට ඉගෙන ගන්නවා. ඇස්දෙක සනීප කරන්න වෛiවරු හුඟදෙනෙක් ළඟට ගියා. විශේෂඥ වෛiවරුන් පවා උත්සාහ ගත්තා. එකම විසඳුම ඉන්දියාවට ගිහිල්ලා ඇස්දෙක සනීප කරගැනීම පමණක් බව කියනවා. ඒකටත් රුපියල් කෝටියක් විතර යනවා. ඒත් දෙයියනේ රුපියල් කෝටියක් හොයන්නේ කොහොමද? මේ පුංචි දුවට ආලෝකය ලබාදෙන්න කවුරු හරි උදව් කළොත් ලොකු පිනක්.

නෝමන් පලිහවඩන

elisa


Like it? Share with your friends!

2 shares

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
0
Wow
Sad Sad
3
Sad
Angry Angry
1
Angry

Comments