මව්පිය කරමතින් පාසල් ගිහින් දෙපා අහිමි රන්දික සරසවියේ දොර ඇර ගනී




ගල් කඩා මුදල් උපයා දරුවා මේ තැනට ගෙනාවා – පියා කියයි

හිනිදුම රවීන්ද්‍ර චන්ද්‍රලාල්, අක්මීමන කේ.මතිලාල්

උපතින්ම දෙපා අහිමි සිසුවෙක් සරසවි වරම් ලබා ඇත. ඉගෙනුම ලැබූ ඔහු රන්දික විරාජ් ද සොයිසාය.

පසුගියදා ප‍්‍රතිඵල නිකුත්වූ අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් රන්දික විරාජ් ගණිත අංශයෙන් බී සාමාර්ථයක් සහ සී සාමාර්ථ දෙකක් ලබා මෙසේ විශිෂ්ට ප‍්‍රතිඵල පෙන්වා ඇත.

රත්ගම, රත්න උදාගම පදිංචිව සිටින රන්දික විරාජ් තිදෙනකුගෙන් යුත් පවුලේ බාලයාය.

රන්දිකගේ පියා නිමල් ද සොයිසා (56) අදහස් දක්වමින් මෙසේ කීවේය. උපතින්ම දෙපා හරියාකාරව නොවැඩුණු මගේ පුතා පහේ පන්තිය දක්වා ගියේ ගල්කෙමිනාව තිලක විද්‍යාලයට. පාසල ළඟම තිබුණු නිසා දිනපතාම අම්මාගේ කරපිටින් තමයි පුතා පාසලට ගියේ.

06 පන්තියෙන් පසුව පුතා රත්ගම දේවපතිරාජ ජාතික පාසලට ඇතුළත් කළා. ඊට පස්සේ ත‍්‍රීවීලරයකින් ගිහිල්ලා මගේ කරපිටින් තමයි පාසල් ගමන සිදු කළේ. මට දරුවන් තුන් දෙනෙක් ඉන්නවා. වැඩිමහල් දෙන්නා වෙන්වෙලා ඉන්නවා. මේ දරුවන් ලොකු මහත් කළේ ගල් කැඞීම රැකියාවක් විදියට කරලා. දැන් මට අතපය වාරු නැහැ. පුතා මේ තත්වයේ හිටියත් අපේ පවුලට රුපියල් 500.00 දීමනාවවත් නෑ. මේ මගේ බාලම දරුවා. දරුවට හොඳට ඉගැන්වීම තමයි මගේ එකම බලාපොරොත්තුව වුණේ. දැන් ඒක මල්ඵල ගැන්විලා. මට හු`ගාක් සතුටුයි.

විදුහල්පති කේ.සෑම් ද සිල්වා මහතා රන්දික විරාජ් සිසු දරුවා ගැන අදහස් ගොනු කළේ මෙසේය. ”මේ දරුවාගේ පියාගේ අසාමාන්‍ය කැපකිරීමක් තිබුණා. දරුවා ඉගෙන ගැනීමට පුදුම විදියට මහන්සි වුණා. ඒ කැපකිරීම ඇති හැකි දරුවන්ට හොඳ ආදර්ශයක්. අපි පාසලේ සියලූ‍ පහසුකම් ලබා දුන්නා. දරුවාගේ ආකල්ප, ගතිගුණ ඉතාම ඉහළයි. හැකි සෑම අවස්ථාවකම අතිරේක ඉගැන්වීම් ලබා දුන්නා. දරුවාගේ අනාගත ජයග‍්‍රහණ නිබඳව අපි ප‍්‍රාර්ථනා කරනවා. රන්දික විරාජ් දරුවා අපේ විද්‍යාලයට ලොකු ගෞරවයක් ලබා දුන්නා.

”මගේ මේ ජයග‍්‍රහණයට සහෝදර යාලූ‍වන්ගෙන් ලැබුණු සහයෝගය විශාලයි. මට කොපමණ අඩුපාඩු තිබුණත් ඉගෙනීම හරියට කළා. ඉස්කෝලේ විදුහල්පති සර් ඇතුළු ආචාර්ය මණ්ඩලයම මාව තනි නොකර මට හැම සහයෝගයක්ම ලබා දුන්නා. අතිරේක පන්තිවල රාජිත මෙන්ඩිස්, රොහාන් බණ්ඩාර, ජනක කුලතුංග, නිහාල් වීරසිංහ යන සර්ලා අය කිරීමක් නැතිව මට අධ්‍යාපනය ලබා දුන්නා. මගේ අනාගත බලාපොරොත්තුව විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයෙක් වීම. කොපමණ කරදර බාධක තිබුණත් කැපවීම සහ අධිෂ්ඨානය තිබෙනවා නම් ඕනෑම ජයග‍්‍රණයක් ලබා ගන්න පුළුවන්.” යැයි රන්දික විරාජ් අප සමග කීවේය.


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
0
Wow
Sad Sad
0
Sad
Angry Angry
0
Angry

Comments