කොරෝනා ආසාදිත ගැබිණි මවක් කරාපිටියේදී ජීවිතක්ෂයට




කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි ගර්භණී කාන්තාව කරාපිටිය රෝහලේ දී ඊයේ (09) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගිය ගැබිණි මවගේ දේහය, නිරෝධායන නිතීරීති අනුව ඊයේ (09) පස්වරුවේම දඩල්ල ආදාහනාගාරයේදී සිදුකළ බව හිරු ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළා.

මෙලෙස මියගොස් ඇත්තේ අකුරැස්ස විල්පිට ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි කාන්තාවක්.

මෙම කාන්තාව නල දරු ක්‍රමය මගින් ගැබ් ගැනිමේ ප්‍රීතිය නිමිත්තෙන් අලු‍ත් අවුරුදු දිනයේ ඇයගේ නිවසේ සාදයක් පවත්තා ඇති අතර ඊට බොහෝ පිරිසක් ද සහභාගි වී ඇති බවයි වාර්තා වන්නේ.

ඉන් පසු ඇය සේවා ස්ථානයට ගොස් සිටියදී ඇයගේ මවට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා.

ඒ නිසා මෙම කාන්තාවටද පී.සී.ආර්. පරීක්ෂණයක් සිදුකර ඇති අතර එහිදී තහවුරු වී ඇත්තේ ඇයටද කොරෝනා ආසාදිත වී ඇති බවටයි.

පසුව ඇය මුල්ලේරියාව රෝහලට ඇතුලත්ව ප්‍රතිකාර ලබමින් සිටියදී පෙනහළු ආසාදනයට ලක් වී අසාධ්‍ය තත්ත්වයට පත්වීම නිසා එක්මෝ ප්‍රතිකාර දීම සඳහා ඉකුත් 29 වන දින කරාපිටිය රෝහලට මාරුකර තිබෙනවා.

එලෙස එක්මෝ යන්ත්‍රයට සම්බන්ධ කර ප්‍රතිකාර ලබමින් සිටියදී දරුවාද කුස තුලම මියයාම නිසා පෙරේදා මළ දරු උපතක් සිදු කළ ඇයද පසුව මියගියා.

ඇයගේ නිවසේ පවත්වන ලද සාදයට සහභාගි වූ පිරිසකට අතුරලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය විසින් කරන ලද කොරෝනා පරීක්ෂණවලදී සාදයට පැමිණි 17 දෙනෙකුද ආසාදිතයින් බවටද තහවුරු වී තිබෙනවා.


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
1
Wow
Sad Sad
2
Sad
Angry Angry
0
Angry

Comments