සීදුවේ ඉදිකරන විශාලතම කොවිඩ් රෝහල




කොවිඩ් – 19 ආසාදිතයින්ගේ ප්‍රයෝජනය සඳහා සීදූව ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ඇඟළුම් කර්මාන්ත ශාලාවක පරිශ්‍රයක් කොවිඩ් ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීමේ මධ්‍යස්ථානයක් බවට පත් කිරීම සඳහා යුද්ධ හමුදාව සහ යුද හමුදා සේවා වනිතා ඒකකයේ දායකත්වයෙන් ඉදිකිරීමේ කටයුතු මේ වන විට සිදුකෙරමින් පවතිනවා.

සියලුම සෞඛ්‍ය පහසුකම් වලින් සමන්විත ශ්‍රී ලංකාවේ වැඩිම ධාරිතාවයකින් යුක්ත නවීනතම රෝහලේ ඉදිකිරීම් කටයුතු මේ වනවිට අවසන් වෙමින් පවතිනවා.

මෙම රෝහල නවීනතම සෞඛ්‍ය පහසුකම් වලින් සමන්විත වන අතර වෙනත් සායන කටයුතු වෙනුවෙන් ද භාවිතා කල හැකි වීම විශේෂත්වයක්.

මෙම රෝහල ශ්‍රී ලංකා යුද හමුදාවේ පූර්ණ ශ්‍රම දායකත්වයෙන් පැය 24 පුරා කඩිනමින් ඉදිකිරීමේ කටයුතු සිදු කෙරෙමින් පවතිනවා.

අද දින(08) මෙම රෝහලේ සියලු ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කිරීම සදහා කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියන්විත මධ්‍යස්ථාන ප්‍රධානී ආරක්ෂක මාන්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ ශ්‍රි ලංකා යුද හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

එහිදී යුද හමුදාපතිවරයා විසින් මෙම රෝහලේ කටයුතු කඩිනමින්, ක්‍රමවත්ව සිදුකිරීමට උපදෙස් ලබා දෙන ලදී.

මෙම අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් යුද හමුදාපතිවරයා සඳහන් කළේ ඉදිරියේදී සෑම දිස්ත්‍රික්කයක් ආවරණය වන පරිදි ගොඩනැගිලි ලබාගෙන ඒවා රෝහල් බවට පරිවර්තනය කිරීමේ වැඩසටහනක් අරඹා ඇති බව සඳහන් කර සිටියා.


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
2
Love
Lol Lol
0
Lol
Wow Wow
0
Wow
Sad Sad
0
Sad
Angry Angry
0
Angry

Comments