සායනික වාර්තා බොරු




කොරෝනා වෛරසය මර්දනය සඳහා තමන් විසින් නිෂ්පාදනය කරන ලද පැණිය අසාර්ථක වීම තමන් පිළිනොගන්නා බව කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා සඳහන් කරයි.

අද වන විටද තමන්ගෙන් එම ඖෂධය ලබා ගෙන විශාල පිරිසක් සුවපත් වන බවද ඔහු කියා සිටී.

අදාල සායනික පරීක්ෂාව මුල් අවස්ථාවන් දෙකම සිදු කළේ ගම්පහ මහ රෝහලේ සහ වතුපිටිවල රෝහලේ වෛද්‍යවරුන් යටතේ යයිද ඔහු සඳහන් කළේ ය.

නමුත් රජරට විශ්ව විද්‍යාලයේ සිදුකරන ලද පරීක්ෂාවෙන් අසමත් වීම පිළිගත නොහැකි බවද පවසන ඔහු එම ඖෂධය භාවිතා කළ අය මස් මාළු කෑමෙන් වැළකී නොසිටින්නට ඇතැයිද කියා සිටියේය.


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
0
Wow
Sad Sad
0
Sad
Angry Angry
0
Angry

Comments